නවතම Hyundai මෝටර් රථ ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය විවෘත වෙයි

අති නවීන Hyundai මෝටර් රථ ශ්‍රී ලංකාවේ ජනතාවට වඩාත් සමීප කරවමින් නවතම Hyundai මෝටර් රථ ප්‍රදර්ශනාගාරය Colombo City Centre හිදී පසුගියදා විවෘත විය. එයට සමගාමීව අති නවීන පහසුකම් සියල්ලෙන්ම සපිරි අංගසම්පූර්ණ සේවා මධ්‍යස්ථානයද පෑලියගොඩ දී  විවෘත විය.

1967 වසරේදී ස්ථාපිත වූ Hyundai මෝටර්ස් සමාගම ලොව පුරා රටවල් 200 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වෙමින් මෝටර් රථ පාරිභෝගිකයින් අතර ජීවිත කාලය පුරා විශ්වාසය හිමිකර ගත් නාමයක් ලෙසින් තහවුරු වී සිටියි.

Colombo City Centre හිදී විවෘත වන නවතම ප්‍රදර්ශනාගාරයෙන් Hyundai මෝටර් රථවල විශිෂ්ඨත්වය වඩාත් හොඳින් අත්විඳිය හැකි අතර Venue, Tuscon, Ioniq EV සහ Kona EV යන මාදිලි ලබා ගැනීමට හැකි වනු ඇත.