ලෝකයම කුල්මත් කල WAFL රස දැන් ශ්‍රී ලංකාවේ

ජාත්‍යන්තර රසවතුන්ගේ ජනප්‍රියත්වයට හා ආදරයට පත් ගෝලීය සන්නාමයක් වන WAFL අවන්හල් ජාලයේ පලමු අවන්හල කොළඹ ෂැංගිලාමෝල් පරිශ්‍රයේදී පසුගියදා විවෘත කරන ලදී. රුසියානු ව්‍යසායක පිරිසකගේ සංකල්පයක් අනුව WAFL අවන්හල් ජාලය බිහිවිය. සාම්ප්‍රදායක වොෆල් නිෂ්පාදනයන් අතික්‍රමණය කරමින් නැවුම් ආරක රස සමූදායක් හා නිෂ්පාදන පෙලක් ලොවට හඳුන්වා දීමට ඔවුන්ට හැකිවිය. පැණි රසට ප්‍රිය කරන්නන්ට හා සේවරි රස සොයන රසවතුන්ට ඔවුන්ගේ උවමනාව මත WAFL වෙතින් නිපැයුම් පෙළක් ඔබවෙත ඉදිරිපත් කර ඇත.

WAFL අවන්හල වෙත පැමිණෙන ආගන්තුක ඔබ ඉදිරිපිටම පිසින ලද නැවුම් රස පිරි වොෆල් නිෂ්පාදන ඔබ වෙත පිළිගන්වනු ඇත. ඒ අතර උණුසුම් හොංකොං හා බෙල්ජියම් වොෆල් සමඟ දිව පිනවන WAFL අයිස්ක්‍රීම් වල රසයත්, නැවුම් පලතුරු සාරයෙන් ඔබ වෙත එන පලතුරු යුෂ පානයත්, දිව පිනවන බෙරි ගෙඩිවල යුෂවල දිව නැටවෙන රසයත්, ඔබට WAFL අවන්හල තුලදී අත්විඳිය හැක. එපමණක් ද නොව ක්‍රිස්පි කුකීස් හා විවිධ නට්ස් වර්ගවල රසයද අත්විඳින්නට නිසැකයෙන්ම හැකියාව ලැබෙනු ඇත. ඇස පිනවන වර්ණ රැසකින් එම සෑම වොෆල් නිපැයුමක්ම වර්ණ ගන්වා තිබීම නිසා ඔබගේ ආහාර රුචිය තව තවත් වර්ධනය වනු නිසැකය. එම නිෂ්පාදනයන් අතර WAFL Corndog, WAFL Sandwich හා WAFL Pie ඔබට නවතම අත්දැකීමක් වනු නොඅනුමානය. ඔබ මෙතෙක් WAFL පීසාවල රස බලා නැත්නම් එයටත් ඔබට අවස්ථාවක් උදාකර දීමට WAFL කටයුතු යොදා ඇති බව දන්වන්නේ හදපිරි සතුටිනි.  සම්පූර්ණයෙන්ම නිර්මාන්ෂික ආහාර රැසක්ද WAFL සතුබව කිවයුතුමය. නිර්මාංශික ඔබ වෙනුවෙන්ම කිසිදු සැකයකින් තොරව WAFL නිෂ්පාදන ඔබට බුක්ති විඳිය හැක. නැවුම් හා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක නව මාවතක් WAFL නිෂ්පාදන හරහා පාරිභෝගික ඔබ සැමට විවර වනු ඇත. ඔබ නිරන්තරයෙන් ව්‍යායාම කරමින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වූ අයෙකු නම් නිසැකයෙන්ම ඔබ වොෆල් රසවතෙකු වනු ඇත. මන්දයත් ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට කිසිදු බලපෑමක් නොවන අයුරින් WAFL නිපැයුම් රසවිඳිය හැක. ශ්‍රී ලාංකිකයින් සඳහාම විශේෂයෙන් නිපදවන ලද වොෆල් රස රැසක් WAFL අවන්හලේදී ඔබ සැමට අත් විඳිය හැක.

WAFL සන්නාමයේ ජාත්‍යන්තර අලෙවි ප්‍රධානී ඩෙනිස් එෆිමෙවික් මහතා අදහස් දක්වමින් “ජාත්‍යන්තර සංචාරකයන්ගේ පාඅංක එකේ සංචාරක රාදීසයක් වන ශ්‍රී ලංකාවට WAFL නාමය රැගෙන එන්නට හැකිවීම පිළිබදව අප ඉමහත් සතුටට පත්වනවා. එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතියට නවතම ආරක ජාත්‍යන්තර අවන්හල් ජාලයක අත්දැකීමක් WAFL නාමය යටතේ ඔබට අත්විඳීමට අප කටයුතු යොදා ඇත. මෙතැන් සිට WAFL නාමය යටතේ ඔබ වෙත තිලිණ කරන ආහාර පෙලෙහි රස නහර පිනායන වොෆල් අත්දැකීමත් සමඟ ඒකාත්මික වන්නට සියළු ශ්‍රී ලාංකිකයන්ට WAFL මව් සමාගම වෙනුවෙන් මා ආරාදනා කර සිටිනවා ” යැයි ඒ මහතා කියා සිටියේය.

WAFL සන්නාමයේ මෙරට මෙහෙයුම් කටයුතු සිදු කරන Go Eats පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ තරිඳු දිසානායක මහතා අදහස් දක්වමින් “ජාත්‍යන්තරව පිළිගත් රැසියානු අවන්හල් සමූහයක් වන WAFL නාමය ලොව රටවල් සමූහයක ජනප්‍රිය සන්නාමයක, එය මෙරටට ගෙන ඒමට හැකි වීම අප ලැබූ සුවිසල් ජයග්‍රහණයක් මෙන්ම නැවුම් අත්දැකීමක් WAFL නාමය යටතේ මෙරට රසවතුන්ට මෙතැන් සිට දිව පිනවන රස රැසක් සමඟින් වෙෆල් අත්දැකීමක් විඳින්නට අප හා සම්බන්ධ වන්නට සුහද සිතින් ආරාධනා කර සිටිනවා” යැයි කියා සිටියේය.

මෙම අවස්ථාවට WAFL ජාත්‍යන්තර සමාගමේ නිලධාරීන් හා මෙරට මෙහෙයුම් භාර පුද්ගලික සමාගමේ නිලධාරීන් හා මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වී සිටියේය.