ඉතිහාසයේ දෙවන විශාලතම කොටස් ගණුදෙනුව අද

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව විශාලතම සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි දෙවැනියාට විශාලතම කොටස් හිමියා වූ මැලේසියාවේ Broga Hill Investments Ltd විසින් සිය සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය අද (09) පෙරවරුවේ දී විකුණා දමා තිබේ.

මෙහිදී Broga Hill Investments Ltd සතුව පැවති කොටස් මිලියන 141.85 ක් රු. 160.00 බැගින් ගනුදෙනු වූ අතර මෙහි වටිනාකම රුපියල් බිලියන 22.69 කි.

වාර්තාවන අන්දමට මෙහි ගැණුම්කරු ද විදෙස් අයෝජකයෙකි.

මෙය ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දෙවැනියට විශාලතම තනි කොටස් ගනුදෙනුව වන අතර මීට පෙර 2008 වසරේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් ගනුදෙනුවක් හරහා රුපියල් බිලියන 33 ක පිරිවැටුමක් වාර්තා වී තිබුණි.