EDEX Expo 17 වැනි වරටත්

එඩෙක්ස් එක්ස්පෝ’ අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය 17 වැනි වරටත් කොළඹදී සහ මහනුවරදී පැවැත්වෙන බව එහි සංවිධායක මණ්ඩලය පසුගියදා (7) නිවේදනය කළේය.

කොළඹ රාජකීය විද්‍යාල පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව නිවේදනය කෙරුණි.

‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික සහ රැකියා ප්‍රදර්ශනය යැයි සඳහන් කළ එහි සංවිධායක මණ්ඩලය මෙම ප්‍රදර්ශනය පසුගිය කාලයේදී රටේ තරුණ පරපුරේ අනාගත අධ්‍යාපනික හා රැකියා අවස්ථා සඳහා අත්වැල සපයන ප්‍රදර්ශනයක් බවට පත්ව ඇති බව ද කීවේය.

කොළඹදී පැවැත්වෙන ‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනවාරි 17 සිට 19 දක්වා පැවැත්වේ. ජනවාරි 24 සහ 25 යන දෙදින කැන්ඩි සිටි සෙන්ටර්හිදි මහනුවර ‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය පැවැත්වේ.

තොරතුරු හා සන්නිවේදන සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය විවෘත කෙරෙන බව ද සංවිධායක මණ්ඩලය සඳහන් කළේය