තෙල් මිල වැඩි කරන්නේ නෑ

මැදපෙරදිග උණුසුම් තත්ත්වයක් ඇතිවුවත් අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින හෙයින් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුනොවන බව ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය .

අම්බලන්තොට ලංගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

“මැද පෙරදිග  ඇතිවී ඇති උණුසුම්කාරී  තත්වය හේතුවෙන් ඉන්ධන හිගයක් අතිවේය යන්න පිළිබදව ප්‍රචාරයක් යාම නිසා ජනතාව කලබලයට පත්වී සිටිනවා නමුත් ඇතිවෙන්න ඉන්ධන තොග අපසතුව තිබෙන නිසා එසේ කලබල කාරී ත්තවයක් ඇතිකර ගතයුතු නෑ. කිසිඳු මිල වැඩි කිරීමක් ද සිදු වෙන්නේ නෑ” ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය .