“Quadricycle” වර්ගයේ මෝටර් රථයක් මෙරට නිපදවේ

ශ්‍රී ලංකාවේ මුල් වරට නිෂ්පාදනය කරන ලද “Quadricycle” වර්ගයේ මෝටර් රථයක් අද (16) දින එහි නිර්මාණකරුවන් විසින් කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේ දී කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත හඳුන්වා දෙන ලදී.

ඉම්ප්‍රියා හෝල්ඩින්ග්ස් සමාගම විසින් නිපදවා ලියාපදිංචි කරන ලද මෙම රථය ඉතා අඩු ඉන්ධන වියදමින් ධාවනය කළ හැකි රථයක් ලෙසින් වාර්තා වේ.

මෙම රථය අද (16) දින කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ නිරීක්ෂණයට ලක් විය.