චාමර ජනරාජ්ගේ “උතුරු සුළඟ” චිත්‍රපටය ලඟදීම

චාමර ජනරාජ් පීරිස් විසින් රචනය කොට අධ්‍යක්ෂනය කරන ලද “උතුරු සුළඟ” සිනමා පටයෙහි මාධ්‍ය දර්ශනය පසුගියදා(14) තරංගනී සිනමාශාලාවේදී ප්‍රදර්ශනය කරන ලදී.

දශක තුනක කුරිරු යුද්ධයේ අත්දැකීම් හා මතකයන් සිත් වලින් ඈතට පියාඹමින් සිටින අද දිනයේ, ලංකාවේ උතුරු පෙදෙසේ පෙර මායිම් ගමක්ව තිබු ලස්සන ගැමි පරිසරයක මෙම වෘතාන්තය දිග හැරේ. යුද්ධයේ සෙවනැලි ජීවිත තුල ඉතුරි කර ගිය අඳුර පිලිබඳ මතකයන් සමග ජීවත් වන සුනිමල්, ආගන්තුක පරිසරයක යලි ජීවිතය ගොඩ නගාගැනීමට දරන උත්සාහයත්, ගමේ නායකයා වන රාලහාමි මාමාගේ දුව යශෝධරා ගැන ඇතිවන ආදර හැඟීම සඟවා ගැනීමට නැවතත් සටනේ යෙදෙන සුනිමල් ගැනත් උතුරු සුළඟ කතා කරයි.

ඔහුගේ මෙම සියලු උත්සාහයන් දෙදරා යන විට ජීවිතය යලි පණගන්වන්නට ඔහුට පිහිට වන්නේ ඔහුගේ වර්තමානයයි.රංගන ශිල්පින් එරංග ජීවන්ත, කාවින්ද්‍යා දුල්ශානි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, මීනා කුමාරි , ලක්ෂිත ප්‍රභාත් පතිරාජ , කසුනි කාවින්ද්‍යා, සුලක්ඛනා හේරත් , හර්ෂ ප්‍රසාද් කන්දකපුගේ , ශෂික දමයන්ත සමරේ ,රනිල් ප්‍රසාද් ,ප්‍රින්සි ප්‍රනාන්දු මයුර වික්‍රමරත්න , අඛිල දිසානායක


පික්ස් ඇන්ඩ් වර්ඩ්ස් නිෂ්පාදනයක් කතාව දෙබස් සහ අධ්‍යක්ෂනය : චාමර ජනරාජ් පීරිස් නිෂ්පාදනය : මුහමඩ් ඝානි , කපිල නවරත්න, රසිත ජිනසේන, චාමර පීරිස් කැමරා අධ්‍යක්ෂනය : කපිල සුගත් විජේරත්න සංස්කරණය : සුදේශ් කුමාරසිංහකළා අද්‍යක්ෂනය : ධම්මික හෙවාදුවත්ත අංග රචනය : අරුණ ශාන්ත විජේසූරිය .සංගීත අධ්‍යක්ෂනය : ජානක ෆොන්සේකාගී පද රචනය : තුෂානි බුළුමුල්ල රේඛිය නිෂ්පාදනය : ලක්ෂිත ප්‍රභාත් පතිරාජ නිෂ්පාදන කළමනාකරණය : අජිත් සමන්ත , මාලින්ද මධුශංක