පොල් මිලේ වර්ධනයක්

පසුගිය සතියේ පොල් වෙන්දේසියේදී පොල් දහසක සාමාන්‍ය මිල රුපියල් 45,265 දක්වා සියයට 4.52කින් වර්ධනය වී තිබේ .

එම වෙන්දේසියේදි පොල් දහසක උපරිම මිල රුපියල් 52,100 ක් ලෙසත්, අවම මිල රුපියල් 39,500ක් ලෙසත් සටහන් වි තිබුණි .

වෙන්දේසියට ඉදිරිපත් වූ පොල් ගෙඩි හාර ලක්ෂ 14,000කින්, තුන්ලක්ෂ 22,000ක් අලෙවි වූ බවයි වෙළඳපොළ වාර්තා සඳහන් කරයි .