සමපෝෂ අඛණ්ඩව 11 වන වරටත් පාසල් පාපන්දු ක්‍රීඩාව බලගන්වයි

CBL සමපෝෂ අඛණ්ඩව එකොළොස්වැනි වරටත් 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියට අනුග්‍රහය ලබා දෙමින් පාසල් පාපන්දු ක්‍රීඩාව බලගන්වයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) සහ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සමඟ එක්ව සමපෝෂ මෙම පාපන්දු ශූරතාවලිය සංවිධානය කරනු ලැබේ. ඒ අනුව සමපෝෂ 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාවය 2019″ තරගාවලිය 2020 ජනවාරි 13 ද දා සිට ආරම්භ විය.

මෙවර සමපෝෂ ශූරතා තරගාවලිය පසුගිය දශකය පුරාවට ලබා ඇති කීර්තිමත් ප්‍රතිචාර වල ප්‍රතිඵල සඳහා දක්වමින් සිසුන් 12000 අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් පැවැත්වේ.දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තරගාවලිය සඳහා සත්කාරකත්වය සමපෝෂ ලබා දෙන අතර දිවයින පුරා පිහිටි තරගය පැවැත්වෙන ස්ථාන 32 කදී පිරිමි කණ්ඩායම් 470 ක් හා බාලිකා කණ්ඩායම් 130 ක් සහභාගී වේ.

තරගාවලියේ අවසන් මහා තරගය ගාල්ලේදී පැවැත්වෙන අතර ඒ සඳහා දිස්ත්‍රික් ශූරයින් ලෙස පිරිමි කණ්ඩායම් 33 ක් සහ බාලිකා කණ්ඩායම් 25 ක් තරග වැදීමට නියමිතය. අවසන් වටයේ සමාරම්භක උළෙල ජනවාරි 31 වන දා ගාල්ල පාපන්දු නිවහනේදී පැවැත්වෙන අතර ශූරයින්ට කිරුළු පැළඳීම කොළඹ රේස් කෝස් පිටියේදී පැවැත්වේ. එහිදී තරගාවලියේ හොඳම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව මෙන්ම හොඳම ගෝල රකින්නා සඳහා විශේෂ සම්මාන පිරිනැමේ.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සභාපති හේමන්ත අබේකෝන් මහතා තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් “තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ශූරතාවලියට සහභාගී වීමට දක්වන උනන්දුව වසරක් පාසා ඉහළ යමින් තිබෙනවා මෙම තරගාවලිය මගින් තරුණ ක්‍රීඩකයින් අතර ජයග්‍රහණය උදෙසා ඇති උත්සාහය, කණ්ඩායම් අතර සහෝදරත්වය ශාරීරික මෙන්ම මානසික ක්‍රීඩාශීලීත්වය වර්ධනයට විශාල උපකාරයක් ලබෙනවා. මෙවැනි දැවැන්ත කාර්යභාරයක් වසරක් පාසා සංවිධානය කිරීමට අපට ශක්තිය ලබා දෙමින් සමපෝෂ දක්වන සහයෝගයට අපි හදවතින්ම ස්තුතිවන්ත වනවා” යැයි පැවසීය.

මෙහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට පෙරගමන්කරුවකු වශයෙන් නිරන්තර දායකත්වය ලබා දෙන සමපෝෂ සහ ක්‍රීඩාව අතර ඇත්තේ සුවිසල් සම්බන්ධතාවයක් පවතින අතර ඒ පිලිබඳව ප්ලෙන්ටි ෆුඩ්ස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ෂම්ම් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය.

“තරුණ දරුවන්ගේ වර්ධනයට ගුණාත්මක පෝෂණය ප්‍රධාන සාධකයක් වනවා.ඒ වගේම දරුවන්ගේ ශාරීරික මෙන්නම මානසික ගුණාංග වර්ධනය කල යුතු බවත් අප දැඩිව විශ්වාස කරනවා. ක්‍රීඩාව මගින් ඔවුන් තුළ සමගිය ,විනය ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව සහ ශක්තිය වැනි කුසලතා වර්ධනය කරනු ලබනවා. මෙම සාධක දෙකම දරුවන් තුළ වර්ධනය කරමින් ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් බිහි කිරීමට සමපෝෂ නිරතුරුවම කැපවී සිටිනවා. ඒ අනුව දරුවන්ගේ ආහාර වේලෙහි නිවැරැදි සමබර පෝෂණය සුරැකීමට මෙන්ම පෝෂ්‍යදායි උදෑසන ආහාරයක වැදගත්කම පිළිබඳ පණිවිඩය අඛණ්ඩව ප්‍රචලිත කිරීමට සමපෝෂ කටයුතු කරනු ලබනවා.”