සිංගප්පූරුවෙන් ශ්‍රී ලාංකේය ජනතාවට මුඛ ආවරණ තොගයක්

නව කොරෝනා වෛරසය පැතිරයෑමේ තත්ත්වය හේතුවෙන් මුඛ ආවරණ හිඟයෙන් පීඩාවට පත් මෙරට ජනතාවට අවශ්‍ය මුඛ ආවරණ තොගයක් එවීමට සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක ආචාර්ය කරදෙටියන ගුණරතන හිමියන්  කටයුතු කොට තිබේ .

ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් අදාළ මුඛ ආවරණ ලබාදී තිබේ .

දැනට සිංගප්පූරුවේ වැඩ වසන වවුනියාව පිරප්පම්මඩුව ශ්‍රී පඤ්ඤානන්ද විහාරාස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ළිඳවැව අමරජෝති නාහිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිය කර මතින් මුඛ ආවරණ පෙට්ටි රැගෙන එන අයුරු පහත ඡායාරූප වල දැක්වෙයි.