මහාචාර්ය නවරත්න බණ්ඩාර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධූරයට

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය නවරත්න බණ්ඩාර මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

උසස් අධ්‍යාපන,තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (30) දින ඒ මහතා රාජකාරි ආරම්භ කළේ ය.

අමාත්‍යවරයා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිරීක්ෂණ චාරිකාවද නිරත විය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතා හා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්දිකා සේනාරත්න මහත්මිය ද සහභාගී විය.