ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා රැගත් ගුවන් යානය අද පැමිණේ

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව  චීනයේ  වූහාන් නුවර  රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය චීනයේ වෙලාවෙන් පෙ.ව 4:05 ට චීනයේ වූහාන් ගුවන් තොටුපොලින් ශ්‍රී ලංකාව බලා ගුවන් ගතවී ඇත.

ඊයේ (31) දින පස්වරු 3.45 ට වූහාන් බලා  කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව වූ යූ.එල්.- 1422 දරණ මෙම විශේෂ ගුවන් යානය A- 330 – 243 එයා බස් වර්ගයේ ගුවන් යානයකි.