රංගික ජීවන්තගේ “උරුමයක පෙළහර” රූපකාව්‍ය හෙට(02) සවස 07.00 ට

රංගික ජීවන්තගේ “උරුමයක පෙළහර” රූපකාව්‍ය හෙට(02) සවස 07.00 ට කොළඹ නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී රංග ගත කෙරේ. ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය කලාකරුවන් කලාකාරිණියන් රැසක් මේ සඳහා සිය සහභාගිත්වය ලබා දෙති.

අපේ උරුමය රැකගැනීම සඳහා සිය ජාතික කර්තව්‍යයක් ඉටු කිරීමේ පරමාර්ථයෙන් පමණක් ඔවුන් ඒ සඳහා එක්ව සිටීම සැබවින්ම පැසසිය යුතු කරුණකි. “උරුමයක පෙළහර” රූපකාව්‍ය තුල රඟ දැක්වෙන්නේ අපගේ ශ්‍රී ලාංකික උරුමයෙහි ඓතිහාසික අවස්ථාවන්ය. එම අවස්ථා දකින අප තුල අප මෙතරම් අභිමානවත් සංස්කෘතික උරුමයක හිමිකරුවන්දැයි යන හැඟීම ඇතිවීම නොවැලක්විය හැකිය.

“උරුමයක පෙළහර” රූපකාව්‍ය සෑම නර්තනාංගයකටම සුමිහිර නිර්මාණශීලී මෙන්ම හැඟම් දනවන සංගීතයක් නිර්මාණය කර තිබෙන අතර එම ගීතවත් බවින් නර්ථනාංග සඳහා තවත් අගය එකතු කරනු ඇති බව රංගික ජීවන්ත BIZREPORT.LK වෙත පැවැසීය .