සේවකයින් වැඩබිම්වලට හා නවාතැන්වලට පමණක් සීමාකිරීමට උපදෙස්

නේවාසික වීසා නිකුත් කර ඇති වැඩබිම්වල සිටින චීන ජාතිකයින්ට උපදෙස් සහිත ලිපියක් යොමු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙරට රැඳී සිටින චීන ජාතිකයින් හා මෑතකදී එරට සංචාරය කළ සේවකයින් වැඩබිම්වලට හා නවාතැන්වලට පමණක් සීමා කරන ලෙස දැනුම් දී ඇති බව ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා පැවැසීය .

සියලු උපදෙස් අද දිනයේදී අදාළ චීන සමාගම් වෙත යොමු කරන බවත් , සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරගැනීම මෙහි අරමුණ බවත් ඔහු සඳහන් කළේ ය.