HNB Finance මූලික කොටස් නිකුත් කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන නවතම සමාගම වන HNB ෆයිනෑන්ස් ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව පසුගියදා (17) විවෘත කෙරුණි.

මෙම නිකුතුව සඳහා ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබීම හේතුවෙන් නිකුතුව එදින සවස 4.30 ට වසා දැමීමට කටුයුතු කරනු ලබන බව මෙම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දුන්නේය.

රු. 5.70 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 10ක් මෙහිදී නිකුත් කිරීමට සැලසුම් කර තිබුණි.

මීට අමතරව සමාගමේ ඡන්ද බලය නොමැති සාමාන්‍ය කොටස් මිලියන 298.2 ක් එකක් රු. 4.20 බැගින් හඳුන්වා දීමේ ක්‍රමවේදය හරහා ලැයිස්තුගත කෙරෙනු ඇත.

ඇක්විටි පාට්නර්ස් (පුද්) සමාගම මෙම නිකුතුවේ කළමනාකරු ලෙසින් කටයුතු කරනු ලබන අතර, SSP කෝපරේට් සර්විසස් (පුද්) සමාගම නිකුතුවේ රෙජිස්ට්‍රාර්වරයා ලෙසින් කටයුතු කරනු ලබයි.

මෙය 2018 ජනවාරි මාසයෙන් පසු මූලික මහජන කොටස් නිකුතුවක් හරහා සමාගමක් විසින් අරමුදල් සම්පාදනය කර ගනු ලැබූ පළමු නිකුතුව වේ.