වැවිලි සමාගම් විසින් ඉඩම් අක්කර ලක්‍ෂයක් අල්ලාගෙන

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් අක්කර ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් වැවිලි සමාගම් විසින් මේ වනවිට නීතිවිරෝධී ලෙස අල්ලා ගෙන ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.

ඇමැතිවරයා පෙන්වා දුන්නේ, එම ඉඩම් භාවිත කිරීම සඳහා අදාළ කිසිදු වැවිලි සමාගමක් විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත සතයක් හෝ ගෙවා නොමැති බවයි.
මීට අමතරව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති 90%ක් පමණ වතු ප්‍රමාණයක ලාභ ලබන කොටස් තෝරා පෞද්ගලික හිතවත්කම් මත බෙදාදීමට පසුගිය කාලයේ කටයුතු කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

අරලියගහ මන්දිරයේදී ඊයේ (24දා) පැවති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ රන්බිම ඉඩම් ඔප්පු  ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.