“ලෝක විවාහක රූ රැජින තරඟාවලිය” ශ්‍රී ලංකාවේදී

2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව වෝග් ජුවෙලර්ස්, කිංග්ස්බරි හෝටලය සහ ජීෆ්ලොක් යන සමාගම්වල ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් මේ වසරේ නොවැම්බර් 12 වැනිදා සිට 21 වැනිදා දක්වා ‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ කොළඹ දී පැවැත්වීමට නියමිතය.

‘ලෝක විවාහක රූ රැජින – ශ්‍රී ලංකා’හි ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ‘ද කලම්බු ලයිෆ්ස්ටයිල්’ සමාගම ‘ලෝක විවාහක රූ රැජින 2021’ තරගාවලියේ සම සංවිධායකත්වය දරයි.  

‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ මෙරටදී පැවැත්වෙන බව නිල වශයෙන් නිවේදනය කළේ වසර 35කට පසු ‘ලෝක විවාහක රූ රැජින’ කිරුළ ශ්‍රී ලංකාවට දිනා දුන් කැරෝලයින් ජූරි මහත්මිය විසිනි.