S14 දුම්රිය 4ක් චීනයෙන් ලංකාවට

ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනයේ සී.ආර්.ආර්.සී. කිංඩාඕ සිෆැන්ග් සමාගම විසින් නිශ්පාදනය කළ ඩීසල් බලවේග කට්ටල අතරින් අවසන් දුම්රිය කට්ටල ශ්‍රී ලංකාවට එවීමට චීනයේදී නැව්ගත කර තිබේ.

ශ්‍රී ලංකාව චීනයෙන් ඩීසල් බල්වේග කට්ටල 9ක් ඇණවුම් කළ අතර එයින් අවසන් බලවේග කට්ටල 4 මෙසේ නැව්ගත කර තිබේ. නවීනතම පහසුකම්වලින් සමන්විත මෙම බලවේග කට්ටල සුම්රිය S14 ලෙස නම්කර තිබේ.

2017 වසරේදී ශ්‍රී ලංකාව මෙම ඇණවුම චීනයට ලබාදුන් අතර ගිවිසුම්ගත කාලයටත් පෙර ඔවුන් ඒවා නිෂ්පාදනය කිරිමට සමත්ව තිබේ. ශ්‍රී ලංකාවට මේ වන විට ගෙන්වා ඇති ඩීසල් බලවේග කට්ටල කොළඹ – බදුල්ල අතර ධාවනයට එක්කර ඇති අතර එම දුම්රිය දෙනුවර මැණිකේ ලෙස නම්කර තිබේ.

මගී ප්‍රවාහන මැදිරි 40ක් මෙසේ චීනය නැව්ගත කර තිබේ. මෙම දුම්රියන් නවීන පහසුකම්වලින් සමන්විත අතර එයට වායුසමනය කළ මැදිරි, එල්.සී.ඩී. ටීවී, වෙනස්කළ හැකි ආසන, ජී.පී.එස්. තාක්ෂණය, තොරතුරු දැන්වීමේ පුවරු ඇතුළත් කර තිබේ.

චීනය මේ වන විට ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාවේ විශාලම සැපයුම්කරු වන අතර සී.ආර්.ආර්.සී. සිෆැන්ග් ඩීසල් බලවේග කට්ටල දුම්රිය 52 ක් කාණ්ඩ 4ක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.