බ්‍රිටිෂ් කවුන්සිලය, සමාජ සංවර්ධන පදනම සමඟ මෙරට කාන්තාවන්ගේ හඬ සවිබල ගන්වමින් ‘‘ සමාජ පරිවර්තනය උදෙසා කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ හඬ සහ තෝරාගැනීම්’’ ප‍්‍රකාශනය එළිදක්වයි.

ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනයේහි ඇති අන්‍යෝන්‍ය බැඳීමත්, කාන්තාවන්ගේ හඬ සවිබල ගැන්වීම සහ ව්‍යාප්ත කිරීමේ වැදගත්කමත් පිළිබඳව බ්‍රිටිෂ් කවුන්සිලය විසින්, නව්‍යකරණ සමාජ සංවර්ධන පදනම (FISD) සමඟ ‘‘සමාජ පරිවර්තනය උදෙසා කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ හඬ සහ තෝරාගැනීම්’’ ප‍්‍රකාශනය එළිදැක්වීය.

එහිදී නව්‍යකරණ සමාජ සංවර්ධන පදනම (FISD) වෙනුවෙන් සමිතා සුගතිමාලා විසින් මෙම ව්‍යපෘතිය සිදු කරන ලදී.

මෙම ව්‍යපෘතියේ අරමුණ වුයේ අනුරාධපුර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවල නායකත්ව හැකියාවන්ගෙන් හෙබි කාන්තාවන් 200 ක් සහ තරුණියන් 100 දෙනෙකු හඳුනාගෙන ඔවුන්ගේ ප‍්‍රතිරූපය ගොඩනැංවීමයි. මේ සඳහා තෝරා ගෙන ඇති කාන්තාවන් සහ ගැහැණු ළමුන් සිය ප‍්‍රජාවගේ යහ පැවැත්ම වෙනුවෙන් දායක වෙමින්  ඔවුන්ගේ ජිවිත ධනාත්මකව වෙනස් කිරීමට කටයුතු කර තිබේ. එම`ගින් ඔවුන්ට ශක්තිමත් හඩක් මෙන්ම ජීවිතය වඩාත් හොඳින් ගොඩ නගා ගැනීමට අවස්ථාවත් හිමි වේ.

නායකත්ව හැකියාවන් සහිත ප‍්‍රජාව අතර මුලීකත්වය ගන්නා මෙම කාන්තාවන් සහ ගැහැණු ළමයින් අතරින් තෝරාගෙන සම්මුඛ සාකච්ඡුා කළ 60 දෙනෙකුගේ ප‍්‍රකාශයන් මෙම එළි දක්වන ලද ප‍්‍රකාශනයෙහි ඇතුළත් කර ඇත. ඔවුන්ගේ මෙම කතා ම`ගින් ප‍්‍රජාවේ සෙසු කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ටද මෙම ජයග‍්‍රහණ කරා එළඹීමට දිරිමත් කිරීමක් සිදු කෙරේ.

ශ‍්‍රී ලංකාවේ බ්‍රිටිෂ් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජිල් කැල්ඩිකොට් මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය‘‘ මෑත දශක කිහිපය තුළ ගැහැණු ළමයින්ගේ හා කාන්තාවන්ගේ ජීවිතයේ වැදගත් අංශවල පෙර නොවූ විරූ ප‍්‍රගතියක් දක්නට ලැබෙනවා. කාන්තාවන් වෙනුවෙන් ආර්ථික හා ඉගෙනුම් අවස්ථා පුළුල් කිරීමත්, අවහිරතා ඉවත් කිරීමත් මෙන්ම, ඔවුන්ගේ හැකියාවන් ඵලදායි ලෙස මුදා හැරීමට අවස්ථාව සලසා දීම මගින් අතිවිශාල ලාබාංශ ලබා දීමකින් තොරව ඔවුන්ගේ අදහස් හා අභිලාෂයන් පුළුල් කිරීමට හැකියාව තිබෙනවා. ව්‍යාපෘතියේ පොරොන්දු සහ හොඳින් සැලසුම් කරන ලද මැදිහත් වීම් ක‍්‍රියාත්මක කිරීම සඳහා සැලකිය යුතු ප‍්‍රතිලාභ පෙන්නුම් කරමින් නව ප‍්‍රවේශයන් ඉදිරිපත් කරන මෙම ප‍්‍රකාශනය, මෙලෙස එළිදැක්වීම පිළිබඳව අපි බොහෝ සතුටු වනවා.’’

මීට අමතරව, මෙම ව්‍යාපෘතිය ම`ගින්  මෙතෙක් ප‍්‍රජාව තුළ පිළිගැනීමට ලක් නොවූ කාන්තා වීරවරියන්ට පිළිගැනීමක් හිමිකර දෙන අතර ඔවුන්ගේ ආත්ම-වටිනාකම් අවබෝධ කර ගැනීමට ද අවස්ථාව සලසා දේ.

ගෘහස්ථ හිංසනය ඉළල මට්ටමක පැවතීම, ලිංගික හිරිහැර, සමාජ මාධ්‍ය හරහා වන හිංසනය, ඉහළ සියදිවි නසාගැනීම් අනුපාත, ගැහැණු ළමයින් කෙරෙහි වන ආරක්ෂාව ඉක්මවා යාම, විශිෂ්ට අධ්‍යාපන සුදුසුකම් තිබියදීත් එක් රැුකියාවකටම සිරවී සිටීමට සිදුවීම ආදී ප‍්‍රධාන ගැටළු රැුසකට ශ‍්‍රී ලංකාව මුහුණ දෙමින් සිටී. මෙම තත්වයෙන් මිදීමට සමහරක් ගැටළු සඳහා සෘජුව ක‍්‍රියාත්මක විය යුතු අතර, දිගු කාලින මැදිහත් වීම් ලෙස ආකල්පමය වෙනසක් ඇති කිරීම, කාන්තාවන් සහ ගැහැණු ළමුන් මෙන්ම පුරුෂයින් හා පිරිමි ළමුන් අතර ද ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මතබේද දුරු කිරීම හරහා සියලූ දෙනාම, පුර්ණ වශයෙන් සමාජයේ කොටස් කරුවන් බවට පත් කිරීමට හැකි වනු ඇත.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, බ්‍රිටිෂ් කවුන්සිලය ව්‍යාපෘති රාශියක් දියත් කරනු ලබයි. එහිදී අධ්‍යාපන වැඩසටහන්, කලා සහ සමාජ වැඩසටහන්, කන්තාවන් සහ ගැහැණු ළමුන් සමඟ වැඩි සම්බන්දතාවයක් පවත්වාගනිමින් ඔවුන්ගේ සහ අනෙකුත් අයගේ ජිවිත වඩා යහපත් මට්ටමකට ගෙන ඒමට දැනුවත්භාවය, කුසලතා, විශ්වාසය සහ සම්බන්දතා ගොඩ නැංවීමත් සමෘද්ධිමත් ශ‍්‍රී ලංකාවක් උදෙසා ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් දායක වීමත් සිදු කෙරේ.

මීට අමතරව, මෙම ව්‍යාපෘතිය මඟින්  මෙතෙක් ප‍්‍රජාව තුළ පිළිගැනීමට ලක් නොවූ කාන්තා වීරවරියන්ට පිළිගැනීමක් හිමිකර දෙන අතර ඔවුන්ගේ ආත්ම-වටිනාකම් අවබෝධ කර ගැනීමට ද අවස්ථාව සලසා දේ.

ගෘහස්ථ හිංසනය ඉළල මට්ටමක පැවතීම, ලිංගික හිරිහැර, සමාජ මාධ්‍ය හරහා වන හිංසනය, ඉහළ සියදිවි නසාගැනීම් අනුපාත, ගැහැණු ළමයින් කෙරෙහි වන ආරක්ෂාව ඉක්මවා යාම, විශිෂ්ට අධ්‍යාපන සුදුසුකම් තිබියදීත් එක් රැුකියාවකටම සිරවී සිටීමට සිදුවීම ආදී ප‍්‍රධාන ගැටළු රැුසකට ශ‍්‍රී ලංකාව මුහුණ දෙමින් සිටී. මෙම තත්වයෙන් මිදීමට සමහරක් ගැටළු සඳහා සෘජුව ක‍්‍රියාත්මක විය යුතු අතර, දිගු කාලින මැදිහත් වීම් ලෙස ආකල්පමය වෙනසක් ඇති කිරීම, කාන්තාවන් සහ ගැහැණු ළමුන් මෙන්ම පුරුෂයින් හා පිරිමි ළමුන් අතර ද ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මතබේද දුරු කිරීම හරහා සියලූ දෙනාම, පුර්ණ වශයෙන් සමාජයේ කොටස් කරුවන් බවට පත් කිරීමට හැකි වනු ඇත.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, බ්‍රිටිෂ් කවුන්සිලය ව්‍යාපෘති රාශියක් දියත් කරනු ලබයි. එහිදී අධ්‍යාපන වැඩසටහන්, කලා සහ සමාජ වැඩසටහන්, කන්තාවන් සහ ගැහැණු ළමුන් සමඟ වැඩි සම්බන්දතාවයක් පවත්වාගනිමින් ඔවුන්ගේ සහ අනෙකුත් අයගේ ජිවිත වඩා යහපත් මට්ටමකට ගෙන ඒමට දැනුවත්භාවය, කුසලතා, විශ්වාසය සහ සම්බන්දතා ගොඩ නැංවීමත් සමෘද්ධිමත් ශ‍්‍රී ලංකාවක් උදෙසා ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් දායක වීමත් සිදු කෙරේ.

බ්‍රිටිෂ් කවුන්සිල් බි‍්‍රතාන්‍යයේ ප‍්‍රමුඛතම ජාත්‍යන්තර ආයතනය වන බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය සංස්කෘතික සම්බන්දතා සහ අධ්‍යාපන අවස්ථාවන් වෙනුවෙන් ක‍්‍රියා කරන ආයතනයකි. ඔවුන් රටවල් සියයකට අධික ප‍්‍රමාණයක කලා, ඉංග‍්‍රීසි භාෂා, අධ්‍යාපන, සහ සිවිල් සමාජ ආදී ක්ෂේත‍්‍ර ගණනාවක සක‍්‍රියව කටයුතු කරයි. පසුගිය වසරේ අන්තර්ජාලය, ගුවන් විදුලි සහ මුදිත ප‍්‍රකාශන හරහා මිලියන 75ක පිරිසක් සම`ග සෘජුව සහ මිලියන 758ක පිරිසක් සමග වක‍්‍රව බිටිෂ් කවුන්සිලය සම්බන්ධ වී ඇත.  විශ්සවානීය බැඳීම් සහ සම්බන්දතා ගොඩනගා ගනිමින් ජිවිත උසස් ආකාරයෙන් වෙනස් කර ගැනීම සඳහා බ්‍රිටිෂ් කවුන්සිලය ක‍්‍රියාත්මක රටවල් තුළ ධනාත්මක  උපකාරයන්  සිදු කරයි.  1934 වසරේදී පිහිටුවන ලද බ්‍රිටිෂ් කවුන්සිලය රාජකීය ප‍්‍රඥප්තිය අනුව ක‍්‍රියාත්මක වන බි‍්‍රතාන්‍යයේ පුණ්‍යායතනයකි. ඒ සඳහා බි‍්‍රතාන්‍ය රජයෙන් සියයට 15ක මුලික මුල්‍යාධාර ලබා ගනී.