කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනට ඇමරිකාවෙන් ආධාර

කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී උපකාරවීමට එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට වෙත භාණ්ඩ තොගයක් පරිත්‍යාක කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ඩියුපොන්ට් ටයිවෙක් ඔවරෝල් ඇඳුම්, නයිට්‍රයිල් අත්වැසුස්, බරවැඩහි දී යොදාත හැකි අත්වැසුම්, බූට් ආවරණ සහ පිරිසිදුකාරක තොරගයක් මෙසේ ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරී සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතා වෙත ලබාදී ඇත.

කුමන අභියෝග පැමිණියත් ශ්‍රී ලංකාවත් සමග ඒවාට මුහුණදීමට සූදානම් බව ඇමෙරිකානු තානාපතිනිය වැඩිදුරටත් පවසා තිබේ.