ශ්‍රී ලංකන් සිය ගුවන් ගමන් මැයි 15 දක්වා අත්හිටුවයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය තාවකාලික ගුවන් ගමන් තහනම ලබන මැයි 15 දා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකය පුරා පවතින ගුවන් ගමන් තහනම් හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමද මෙම තීරණය ගෙන තිබේ.

ගුවන් සමාගමේ භාණ්ඩ සේවා හා අවශ්‍ය විටෙක විශේෂ ගුවන් ගමන් අඛණ්ඩව ක්‍රියාත්මක බවද සමාගම නිවේදනය කරයි.

වැඩි විස්තර සඳහා මගීන්ට ඔවුන්ගේ සංචාරක / නිකුත් කිරීමේ නියෝජිතයා, ළඟම ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්යාලය හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පැය 24 සම්බන්ධතා මධ්‍යස්ථානය +94117771979 අමතන ලෙසත් සමාගම දන්වා සිටියි.

එසේම වැඩිදුර විස්තර https://www.srilankan.com/travel-waiver-covid-19 හරහාද ලබාගැනීමට හැකියාව පවතී..

සමාගමට ඉහළ ඉල්ලීම් ප්‍රමාණයක් නිසා, පාරිභෝගික සේවා නියෝජිතයින් ප්‍රතිචාර දැක්වීමට වෙනදාට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බැවින් ඒ පිළිබඳව අවබෝධය ලබා ගන්නා ලෙසත් යම් අපහසුතාවයක් ඇතිවුවහොත් කනගාටුව ප්‍රකාශ කරන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.