අනතුරට පත් රථවාහන හිමිකම් ගෙවීම් පහසු කිරීම වෙනුවෙන් අලියාන්ස් ලංකා AMW සමඟ එක්වෙයි.

ඡුායාරූප විස්තරය - නිහාල් රණසිංහ (ජ්‍යෙෂ්ඨ උපදේශක - BP මෙහෙයුම් - ඇසෝසියේටඞ් මෝටර්වේස් (^AMW&&" ජුබර්ට් මොන්ටෝරියෝ (සාමාන්‍යාධිකාරී - පසු අලෙවි - AMW, යොහාන් ද සොයිසා (අධ්‍යක්ෂ - මගී වාහන - AMW, මංගල බණ්ඩාර ( ප‍්‍රධාන අලෙවි නිළධාරී - අලියාන්ස් ඉංෂුවරන්ස් ලංකා ලිමිටඞ් ), නලින්ද පියදාස (රථවාහන හිමිකම් ප‍්‍රධානී - අලියාන්ස් ඉංෂුවරන්ස් ලංකා ලිමිටඞ් ), චරින්ද ප‍්‍රනාන්දු (සැපයුම් කළමනාකාරණ ප‍්‍රධානී - අලියාන්ස් ඉංෂුවරන්ස් ලංකා ලිමිටඞ්) සහ නිරෝශන් ප‍්‍රනාන්දු (කොටස් මෙහෙයුම් ප‍්‍රධානී - AMW

අලියාන්ස් ඉංෂුවරන්ස් ලංකා ලිමිටඞ් (අලියාන්ස් ලංකා& සමාගම පසුගියදා ඇසෝසියේටඞ් මෝටර්වේස් සමාගම සමග අත්වැල් බැද ගන්නා ලදී. AMW විසින් අලෙවි කරන ලද හා සේවා සපයනු ලබන රථවාහන හිමිකරුවන් සඳහාලබා දෙන රක්ෂණ හිමිකම් තවදුරටත් පහසු කිරීම වෙනුවෙනි. මෙහිදී AMW සමාගම සමග අලියාන්ස් ඉංෂුවරන්ස් සේවා මට්ටමේ ගිවිසුමකට එළඹෙන ලදී.

ඒ අනුව අවාසනාවන්ත රථ වාහන අනතුරකදී අලියාන්ස් ලංකා රක්ෂණ ඔප්පු හිමියන්ට රක්ෂණකරුට දැනුම් දීමෙන් පසු ඔවුන්ගේ අනතුරටපත් වාහනය දිවයින පුරා පිහිටා ඇති AMW Body and Paint අලූත්වැඩියා මධ්‍යස්ථාන වෙත ගෙන යාමට අවස්ථාව උදා වේ. මෙම ගිවිසුම යටතේ අනුරාධපුර, අත්තිඩිය, මහනුවර, මාතර සහ මීගමුව AMW Pitstop මධ්‍යස්ථානයන් සහ කිතුල්වත්ත,පෑලියගොඩ සහ රාජගිරිය AMW body shops යන සේවා ස්ථානයන් ආවරණය කරනු ලබයි.

රක්ෂණ ඔප්පු හිමියන්ගේ සම්බන්ධයකින් තොරව අලූත්වැඩියා ඇස්තමේන්තු අනුමත කිරීම හා ගෙවීම් ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් AMW නියෝජිතයන් අලියාන්ස් ලංකා සම`ග ඍජුවම කටයුතු කිරීම මේ යටතේ සිදුවේ. මෙම සමස්ත ක‍්‍රියාවලිය විධිමත් කිරීම තුළින් අලූත්වැඩියා කටයුතු ඉක්මණින් සිදු කිරීමටත් වාහනය ඉතා ඉක්මණින් හිමිකරුවන් වෙත ආපසු ලබා දීමටත් AMW වෙත හැකියාව උදා වේ.

මෙය අලියාන්ස් ලංකා වෙතින් මෝටර් රථ රක්ෂණාවරනයන් සළසා ඇති සියලූම සුසුකි,නිසාන්,ඩට්සන් සහ රෙනෝල්ට් කාර්, කැබ් (උපයෝගිතා වාහන& SUV රථ සහ වෑන් රථ ස`දහා අදාළ වේ.

මෙම හවුල්කාරීත්වය හරහා සමස්ත හිමිකම් ගෙවීම් ක‍්‍රියාවලිය වඩාත් පහසු කරමින් රක්ෂණ ඔප්පු හිමියන්ට වැඩි පහසුවක් හිමිකර දීමට කටයුතු කර ඇති අතර රථ වාහන අමතර කොටස් හා උපාංග ස`දහා වට්ටම් හිමිකර දීමටද අලියාන්ස් ලංකා සහ AMW කටයුතු කර තිබීම විශේෂත්වයකි. එසේම දිවයින පුරා පිහිටා ඇති AMW අලූත්වැඩියා මධ්‍යස්ථාන ජාලය හරහා තවත් ප‍්‍රතිලාභ රැුසක් මේ යටතේ ලබා දෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අලියාන්ස් ඉංෂුවරන්ස් ලංකා ලිමිටඞ්හි ප‍්‍රධාන විධායක නිළධාරී ගානි සුබ‍්‍රමනියම් මහතා “අලියාන්ස් අපගේ රක්ෂණ ඔප්පු හිමියන් සදහාවන සම්පූර්ණ හිමිකම් ක‍්‍රියාවලිය පහසු කිරීමට අපි නිරන්තරයෙන් කටයුතු කළා. මීට සමගාමීව හදිසි අනතුරු හේතුවෙන් සිදුකරන රථවාහන අලූත් වැඩියා සඳහාAMW සමඟ එක්වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. යනුවෙන් පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ zz යටතේ හදිසි අනතුරකදී රක්ෂණ ඔප්පු හිමියන්හට අපගේ කණ්ඩායම දැනුවත්කර ඔවුන්ගේ වාහන AMW වෙත ගෙන යා හැකියි. අලූත්වැඩියා ඇස්තමේන්තු සකස්කිරීම සහ ගෙවීම් ක‍්‍රියාවලිය සඳහා අපි ඍජුවම AMW සමඟ සම්බන්ධව වෙනවා. අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ට අවශ්‍යම මොහොතේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කැපවී කටයුතු කරන අපි ඔවුන්ට වැඩි වටිනාකමක් මෙන්ම පහසුවක් ලබා දීමට අඛණ්ඩව කටයුතු කරනවා.ZZයනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ ඇසෝසියේටඞ් මෝටර්වේස් ලිමිටඞ්හි මගී වාහන අධ්‍යක්ෂ යොහාන් ද සොයිසා මහතා “හදිසි අනතුරු වාහන අලූත්වැඩියාවන් සදහා රක්ෂණ වන්දි ගෙවීම් පහසු කිරීම වෙනුවෙන් අලියාන්ස් ලංකා සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම පිළිබදව ඉතාමත් සතුටුයි. AMW ලෝකයේ ඉහළ ඉල්ලූමක් සහිත මෝටර් රථ වෙළෙද නාම කිහිපයක් ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට අමතරව ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් කැපවී සිටිනවා. දිවයින පුරා අපගේ AMW Body and Paint අලූත්වැඩියා මධ්‍යස්ථාන ජාලය නවීනතම මෙවලම් හා තාක්ෂණයන්ගෙන් සන්නද්ධ පළපුරුදු කාර්මික ශිල්පීන් විසින් මෙහෙයවනු ලබනවා." යනුවෙන් සඳහන් කරන ලදී.

ලෝක මට්ටමේ සැහැල්ලූ මධ්‍යම හා බර වාහන හදිසි අනතුරු අලූත්වැඩියා සේවාවක් සැපයීම වෙනුවෙන් නවතම උපකරණ සහ මෙවලම්වලින් ශක්තිමත් AMW හි ඉහළ පුහුණුවක් ලැබූ හා සුදුසුකම්ලත් තාක්ෂණික කාර්ය මණ්ඩලයක් කටයුතු කරනු ලබයි. රථ වාහන අළුත්වැඩියා කටයුතු සඳහා නිෂ්පාදක පිරිවිතරයන්ට අනුකූල නවීනතම පලූදු හායන , spot and MIG, වෑස්සුම් උපකරණ සහ body aligning jigs ඔවුන් භාවිත කරනු ලබයි. එසේම සතුව තීන්ත කුටි සහ වියළීමේ පහසුකම් මෙන්ම වර්ණ මිශ‍්‍ර කිරීමේ හා ගැළපීමේ හැකියාවන්ද AMW සතුය.