ජයන්ත ද සිල්වා DIMO අධ්‍යක්ෂ ධූරයට පත්කරයි

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) වත්මන් සභාපති ජයන්ත ද සිල්වා මහතා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ඩීසල් ඇන්ඩ් මෝටර් ඉංජිනියරින්ග් පීඑල්සී  (DIMO) හි අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර තිබේ. මෙම පත්වීම 2020 අගෝස්තු 01 දින සිට බලපැවැත්වේ.

මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ඇති ජයන්ත ද සිල්වා මහතා IFS SRI LANKA හි සම නිර්මාතෘ හා හිටපු සභාපතිවරයාද වේ.

SLASSCOM සහ ශ්‍රී ලංකා මෘදුකාංග අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන ජයන්ත ද සිල්වා මහතා ක්ෂේත්‍රයේ දශක තුනහමාරකට වඩා පළපුරුද්දක් සහිත විශිෂ්ට නිලධාරියකි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජකයෙකු වශයෙන් ද ජයන්ත ද සිල්වා මහතා වසර කිහිපයක් කටයුතු කර තිබේ.