සරත් ලාල් කුමාරගේ “කළු ජීවිතත් වටී ” කෘතිය එලි දකියි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් ලාල් කුමාර මහතා විසින් රචිත “කළු ජීවිතත් වටී ” (Black Lives Matter) කෘතිය එළැදැක්වීම පසුගිය දා සිදුවිණි.

මෙරට කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය මහලේකම් ආචාර්ය ජයන්ත ධනපාල මහතා වෙත මෙම කෘතියේ මුල් පිටපත සරත් ලාල් කුමාර මහතා අතින් පිළිගැන්වීය.

ඇමෙරිකානු පොලිස් නිලධාරියකු ගෙල සිරකර මරණයට පත් කළ අප්‍රිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඉරණමත්, එහිදී දශක ගණනාවක් පුරා විඳින්නට සිදුව තිබෙන වර්ගවාදයේ හා වර්ණභේදවාදයේ ඛේදනීය තත්ත්වය පිළිබඳවත් අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන් මහතා ප්‍රකාශිත ‘නිදහස් ප්‍රකාශනය’ මඟින් අමෙරිකාවේ සිටි අප්‍රිකානු නීග්‍රෝ වහලුන්ට නිදහස ලබාදීමෙන් හිමිකර දුන් ශ්‍රේෂ්ඨත්වය වර්තමානය වන විට විනාශ කර ගත්තා වූ දේශපාලන විග්‍රහය මෙම ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි.