කොළඹ මැන්ඩරීනා හෝටලය නවතම “නෙළුම් කොලේ” ආහාර වට්ටෝරුව එළිදක්වයි

පහසු මිලට හොඳම අහාර සොයන ඔබට සෑම විටම මැන්ඩරිනා හී අද්විතීය රසයෙන් යුත් ගුණාත්මක අහාර පිළිබඳව විශ්වාසය තබා ගත හැකි අතර එය මේ වන විට ශ්‍රී ලාංකීය උරුවෙන් යුතුව සැබෑම දේශීය ආශ්වාදය ඔබට ගෙන එමින් නවීකරණය කර තිබේ.

නෙළුම් කොලේ ආහාර වේල පිළිබඳව අප කවුරුත් දන්නා නමුත් මැන්ඩරිනා හී “නෙළුම් කොලේ” ආහාර වට්ටෝරුව සුවිශේෂිත්වයක් ගන්නේ එය සැබවින්ම සම්පුර්ණයෙන්ම නව්‍යකරණය කර ඇති බැවිනි. එහිදී විවිධ වර්ගයේ සහල් වර්ග 3ක්, සැබෑම ශ්‍රී ලාංකික රසයෙන් පොහොසත් ව්‍යංජන 10ක්, සහ දිව පිනවන මස් වර්ග 5ක් මෙම ආහාර වට්ටෝරුවට ඇතුළත් කර ඇති අතර ඔබ පුදුමයට පත්කරන අතුරු පස සහ රස කැවිලිද ඊට ඇතුළත්ය.

එලෙසම මැන්ඩරිනා ඔවුන්ගේ කාමර 80කින් සමන්විත ප්‍රසිද්ධ අවන්හල වන “On the Eleventh”ද යළිත් ඔබ වෙනුවෙන් විවෘත කර තිබේ.

කොළඹ මැන්ඩරීනා හෝටලය සැබෑම ශ්‍රී ලාංකික ආහාර වේලක රසයෙන් අනුන “නෙළුම් කොලේ” ආහාර වට්ටෝරුව 2020 අගෝස්තු 10 වන දින එළිදැක් වීය. නාගරික ජිවිතයට හුරුවී සිටින සියලු දෙනා වෙත අව්‍යාජ දේශීය දිවා ආහාර වේලක අශ්වාදාත්මක රසය මෙමගින් විඳ ගැනීමට අවස්ථාව සලසා දී තිබෙන අතර එය දේශීය රසය සොයන ආහාර ලෝලී කා හටත් නැව්ම් අත්දැකීමක් වනු ඇත. ඒ අනුව තරු හෝටලයක සුව පහසුව මැද අමුත්තන්ට “නෙළුම් කොලේ” දිවා ආහාර වේලක නියම රස වටහා ගැනීමට හැකිවනු ඇත.

නවතම “නෙළුම් කොලේ” ආහාර වට්ටෝරුව මගින් කටට රස දනවන ආශ්වාද ජනක දිවා අහාර වේලක් පිරිනමන අතර දේශීය රසයෙන් පොහොසත් මේ ආහාර වේලෙහි රහස ඒ සඳහා යොදා ගන්නා සැබෑම දේශීය අමුද්‍රව්‍යයි.

කොළඹ මැන්ඩරිනා හෝටලයේ සාමාන්‍යධිකාරී දිනේෂ් හෙට්ටිආරච්චි මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. ”කොවිඩ් වසංගත තත්වයෙන් පසු ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය පමණක් නොව ඒ හා පදනම්ව ගොඩනැගුනු ජීවනෝපාය මාර්ගයන් වල නියැලුණු සියළු දෙනාටම එය බලපානු ලැබුවා. කොළඹ මැන්ඩරිනා හෝටලය ශ්‍රී ලාංකික සමාගම් සමුහයක් වන මැක්සන් හෝල්ඩිංග්ස් හී කොටසක් ලෙස පශ්චාත් කෝවිඩ් ප්‍රතිසංස්කරණ මෙහෙයුම දියත් කරනු ලැබුවේ දේශීය ආහාර සූපශාස්ත්‍රය යළි ස්ථාපනය කිරීම සඳහා පමණක් නොව එය සමාජ ගත කිරීමේ ශක්තිමත් අරමුණද ඇතුවය. ඒ් සදහා “නෙළුම් කොලේ” ඇතුළුව පුළුල් ප්‍රවර්ධන ක්‍රියාවලියක් ද අප ආරම්භ කර තිබෙනවා.”

මැන්ඩරිනා හි දේශීය සැපයුම්කරුවන් රට පුරා විසිරී ඇති අතර, අමුද්‍රව්‍ය වයඹ පළාතේ කුඹුක්ගැටේ ප්‍රදේශයෙන් ද දෛනික අවශ්‍ය එළවළු සහ නෙළුම් කොළ කොළඹට ආසන්න ගම්බද ප්‍රදේශයක් වන බණ්ඩාරගම ඇතුළු ප්‍රදේශයන්ගෙන් ද ලබා ගනී.

වැඩි දුරටත් අදහස් දැක්වූ හෙට්ටිආරච්චි මහතා මෙසේද පැවසිය. ” අප අලුතින්ම ඉදිරිපත් කර ඇති ‘‘නෙළුම් කොලේ” දිවා ආහාර වට්ටෝරුව මගින් අව්‍යාජ දේශීය ආහාර වර්ග රාශියක් පිරිනමනු ලබයි. එමගින් දේශීය සංවිධානයක් ලෙස අපගේ ආයතනික සමාජ වගකීම් වල කොටසක් මෙම ක්‍රියාවලිය හරහා ඉටු කෙරෙනු ඇති බව අප විශ්වාස කරන්නෙමු. එලෙසම හෝටලයක ප්‍රධානම වටිනාකමක් ලෙස එහි ඇති ආහාර වල හඳුන්වාදිය හැකිය.වසර 60කට අධික සාමුහික අත්දැකීම් වලින් සමන්විත අපගේ සුපවේදීන් විසින් සකස් කරන ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳව අප ආඩම්බර වන අතර අපගේ අමුත්තන්ට දිව පිනවන සැබෑම දේශීය රසය ලබා දීමට ඔවුන් වග බලා ගනු ඇත.

පැමිණෙන්න කොළඹ මැන්ඩරිනා හෝටලය වෙතින් සතියේ දිනවල මධ්‍යහන 12 සිට පස්වරු 3.00 දක්වා “නෙළුම් කොලේ” නවතම සැබෑම දේශීය දිවා ආහාර වේලක රසය භුක්ති විඳින්න.