GSK ආයතනය කොවිඩ් -19 සෞඛ්‍යාරක්ෂක සහ සමාජ ආරක්ෂක අරමුදලට රුපියල් මිලියන 5 ක් පරිත්‍යාග කරයි

ලැක්සෝස්මිත්ලයින් ෆාර්මසියුටිකල්ස් හී වෛද්‍ය, නියාමක සහ රාජ්‍ය සම්බන්ධතා අධ්‍යක්ෂක වෛද්‍ය හෙක්ටර් වීරසිංහ (වමේ සිට දෙවෙනියට) සහ GSK කොන්සියුමර් හෙල්ත්කෙයාර් සමාගමේ සැපයුම් දාම ප්‍රධානී - චානක වන්නිආරච්චි ( වමේ සිට) යන මහත්වරුන් විසින් රුපියල් මිලියන 5 ක පරිත්‍යාගය, ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂාන් මහතාට (මැද) භාර දෙන ලදි.

ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) ආයතනය විසින් වර්තමානයේ පවත්නා කොරෝනා වසංගතය මර්දනය කිරීමෙහිලා ජාතික සෞඛ්‍යාරක්ෂක සහ මානවවාදී ක්‍රියාකාරකම් සදහා සහාය වෙමින් රුපියල් මිලියන 5 ක් රජයේ කොවිඩ් -19 සෞඛ්‍යාරක්ෂක සහ සමාජ ආරක්ෂක අරමුදල සදහා පරිත්‍යාග කළ බව මෑත දී නිවේදනය කරන ලදි. මෙරට ප්‍රධාන පෙළේ ඖෂධ සහ පාරිභෝගික සෞඛ්‍යාරක්ෂක නිෂ්පාදන සමාගමක් ලෙස කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීමෙහිලා ජාතික ක්‍රියාකාරකම්වලට ක්‍රියාකාරීව සහාය වෙමින් මේ සම්බන්ධයෙන් ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) ආයතනය බහු ජාතික සමාගමක් ලෙස ජාත්‍යන්තර මට්ටමෙන් දායක වීමට අපේක්ෂා කරයි.

Covid-19 ලොව පුරා ව්‍යාප්ත වීමත් සමඟ ව මෙම වෛරසයට එරෙහිව සටන් කිරීමේ වෑයම සඳහා අපි ජාත්‍යන්තර මට්ටමින් ඉතාමත් කැපවීමෙන් සම්බන්ධ වුණෙමු. මෙම වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට මෙන්ම ආසාදිතයන්ට සහාය වීමෙහිලා අප රට ගත් ක්‍රියාමාර්ග ඉතාමත් ප්‍රශංසනීයයි. අපි අපේ වීර සෞඛ්‍යාරක්ෂක සේවකයින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික නායකයින් අගය කරන අතර කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීමෙහිලා රජය සමග අපි ද අත්වැල් බැඳගත්තෙමු. මෙම අසීරු කාලයේ දී අපගේ ජනතාව ආරක්ෂා කිරීම සදහා අපි එකට එක්ව ක්‍රියා කළ යුතු (GSK) කොන්සියුමර් හෙල්ත්කෙයාර් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක සුනිල් මෙහෙරා මහතා පැවසුවේ ය.

GSK ශ්‍රී ලංකා සමාගම, සුවතාවය සහ ආමාශ ආන්ත්‍රයික (Wellness & Gastrointestinal) සෞඛ්‍යය, මුඛ සෞඛ්‍යය, වේදනා සහ ශ්වසන යන කාණ්ඩයන් යටතේ ක්‍රියාත්මක වේ. වෙළඳපොළේ කවුන්ටරය හරහා පහසුවෙන් ලබාගත හැකි ඖෂධ කාණ්ඩ අතරින් ඨීණ ආයතනය ප්‍රධාන සැපයුම් ආයතන අතරින් එකක් වන අතර (පැනඩොල් සඳහා), ප්‍රතිජීවක, ශ්වසන හා එන්නත් යන අංශ සඳහාද ප්‍රධාන ඖෂධ සහ උපකරණ සැපයුම් කරයි.

මෙම අනපේක්ෂිත අවස්ථාවේ ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම කෙරේ ඨීණ ශ්‍රී ලංකා සමාගම අවධානය යොමු කර ඇත. අපගේ නිෂ්පාදන කර්මාන්තයන්හී මෙහෙයුම් කටයුතු සිදුවන අතර ඒ හරහා අවශ්‍ය පුද්ගලයින්ට එම ඖෂධ අඛණ්ඩව සැපයීමට අප ඇපකැප වී ඇත.

කොවිඩ් -19 එන්නත් නිපදවීමෙහිලා ක්‍රියා කරන සමාගම් සහ පර්යේෂණ කණ්ඩායම් සමග GSK ජාත්‍යන්තර කණ්ඩායම් අඛණ්ඩව හා සමීපව ක්‍රියා කරයි. මෑත දී GSK ජාත්‍යන්තර කණ්ඩායම් සැනෝෆි ආයතනය සමග හවුල්ව ලෝකයට කොවිඩ් -19 උපකාරක එන්නතක් සංවර්ධනය කිරීමෙහිලා ඔවුන්ගේ නව්‍යතම තාක්ෂණය සම්බන්ධ කරන ලදි. නව්‍ය උපකාරක එන්නත එක් මාත්‍රාවක් සදහා අවශ්‍ය එන්නත් ප්‍රෝටීන් ප්‍රමාණය අඩු කරන අතර ඒ තුළින් බොහෝ පිරිසක් ආරක්ෂා කිරීම සදහා වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි වනු ඇත.

මෙය ලෝක වසංගතයක් ලෙස පැමිණි අපගේ පොදු සතුරා පරාජය කිරීම සදහා එක්ව ක්‍රියා කළ යුතු කාලයකි. අපගේ ක්‍රියාකාරකම් බොහෝමයක්ම මානව හිතවාදී වේ. මෙම වසංගත කාලයේ දී කොවිඩ් -19 එන්නත් සදහා දායක වෙමින් ලාභ ඉපයීමට සමස්ථයක් ලෙස GSK අපේක්ෂා නොකරයි. මෙමගින් උපයන යම් කෙටි කාලීන ලාභයක් වෙතොත් එය කොරෝනා වෛයිරසය සම්බන්ධ පර්යේෂණ සහ දිගු කාලීනව වසංගත සදහා සුදානම් වීම සම්බන්ධයෙන් GSK අභ්‍යන්තර ආයෝජන හරහා හෝ බාහිර හවුල්කරුවන් සමග අයෝජනය කරන බව GSK ෆාර්මසියුටිකල්ස් කළමනාකරණ අධ්‍යක්ෂක උපේන්ද්‍ර සින්හ් මහතා පැවසුවේ ය.

මීට අමතරව, GSK ජාත්‍යන්තර ආයතනය ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලය, ක්ලොව බයෝ ෆාර්මසූටික්ල්ස් (Clover Biopharmaceuticals) සහ ෂියාමන් ඉනෝවෙක්ස් බයෝටෙක් සමාගම (Xiamen Innovax Biotech Co., Ltd) සමග සම්බන්ධ වෙමින් ඵලදායී එන්නතක් සොයා ගැනීම වේගවත් කිරීම සදහා ක්‍රියා කරයි. සමාගම ඔවුන්ගේ වසංගත උපකාරක තාක්ෂණ හරහා ඵලදායී එන්නත් එකකට වඩා සංවර්ධනය කිරීම තහවුරු කිරීමෙහිලා ක්‍රියා කරයි.