HCL Technologies පළමු ගෝලීය සංවර්ධන මධ්‍යස්ථානය කොළඹදී වැඩ අරඹයි

“ජාතියක් වශයෙන්, HCL වැනි බහුජාතික තාක්ෂණික දැවැන්තයෙකු පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක්. එපමණක් නොවෙයි, මෙම මධ්‍යස්ථානය අපගේ තරුණ තරුණියන්ට ලබා දෙන අවස්ථාවන්ට ස්තූතිවන්ත වනවා. අපගේ දැක්ම ශ්‍රී ලංකාව තාක්ෂණික වශයෙන් පුළුල් ඩිජිටල්කරණ ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල්කරණය වූ රජයක් පිහිටුවීම, තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම ඇතුළු තවත් බොහෝ වැඩසටහන් සඳහා නව රජය කටයුතු කරමින් සිටිනවා. එවැනි පසුබිමක අද මෙවැනි මධ්‍යස්ථානයක් ආරම්භවීම විශාල වැදගත්කමක් දරනවා. HCL ටෙක්නොලොජීස් වැනි ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රමුඛයෙකු ශ්‍රී ලංකාවට සම්පතක්” යැයි ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පැවසීය.

ඒ ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණ සමාගමක් වන HCL Technologies (HCL) සිය පළමු ගෝලීය සංවර්ධන මධ්‍යස්ථානය 2020 සැප්තැම්බර් 7 වැනිදා කොළඹදී නිල වශයෙන් විවෘත කළ මොහොතට අරලියගහ මන්දිරයේ සිට තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් එච්. ඊ. ගෝපාල් බාග්ලේ මහතා මෙම නව සංවර්ධන මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කළ අතර HCL Technologies හි නිර්මාතෘ, කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන මූලෝපාය නිලධාරී ශිව් නඩාර් සහ HCL Technologies හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී සී. විජේකුමාර් යන මහත්වරුන් එම අවස්ථාවට අතථ්‍ය උත්සවයක් ^virtual ceremony& ඔස්සේ එක්විය.

HCL Technologies හි ආයතනික උප සභාපති ශ්‍රීමතී ශිවශංකර් මහත්මිය හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා PwC ys HCL හවුල්කරුවන්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මෘදුකාංග හා සේවා සමාගම් සඳහා ශ්‍රී ලංකා සංගමය (SLASSCOM) සහ ESOFT සහ අනෙකුත් ප්‍රමුඛ ව්‍යාපාරික සම්භාවනීය අමුත්තන්ද එම අවස්ථාවට එක්විය.
‘අපට ශ්‍රී ලංකාව සමගින් ඉතා ශක්තිමත් සංස්කෘතිකමය බැඳියාවක් තිබෙනවා. ඉන්දියාවත් ලංකාවත් ඔවුනොවුන්ගේ අභිවෘද්ධිය සහ සෞභාග්‍යය වෙනුවෙන් දායක වී තිබෙනවා. අපගේ පරිශ්‍රමයන් යොමුව ඇත්තේ මෙහි රැකියා නිර්මානය කිරීමට සහ ක්ශේත්‍රයේ බහුතර කොටසක් තහවුරු කරගැනීමටයි. අභිප්‍රේරිත සහ ශක්තිමත් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව අපත් සමග එක්වී, අපගේ ගණුදෙනුකරුවන්ට සහ මේ රටට අපි ලබා දී ඇති පොරොන්දු සපුරාලන්න අපට උපකාරවනවා දකින්න මම බලාපොරොත්තු වෙනවා’ යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ HCL ටෙක්නොලොජීස් නිර්මාතෘ සහ ප්‍රධාන මූලෝපාය නිලධාරී ශිව් නාඩාර් මහතා මෙහිදී පවසා සිටියේය.

HCL Technologies හී සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සී.විජයකුමාර් මහතා මෙහිදී අදහස් දක්වමින් “ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා රජයේ මහත් දායකත්වයක් ඇතිව 2020 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ අප ආරම්භ කළ මෙම ගමන සඳහා HCL ආයතනය සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා. මෙම මධ්‍යස්ථානය, ලෝකයේ විශාලතම සමාගම් කිහිපයක් සඳහා තාක්ෂණික වැඩසටහන් ක්‍රියාත්මක කරන අපගේ ප්‍රධාන ගෝලීය බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානයක් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

අපි දැනටමත් අපගේ පළමු සේවක පිරිස මේ සඳහා බඳවා ගෙන අවසන්. ඉදිරි වසර තුන තුළ මෙම පිරිස 3,000 කට අධික සංඛ්‍යාවක් වෙත ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවට පැමිණ මෙය ආරම්භ කිරීම ගැනත්, මේ රටේ පුළුල් සංස්කෘතික උරුමය අගය කිරීම ගැනත් අපි අතිශයින් සතුටට පත්වෙනවා. අපගේ පදනම මෙහි ස්ථාපිත කිරීමේ සැලසුම් සඳහා ශ්‍රී ලංකා රජයේ නව්‍යකරණය හා බැඳුණු ඉදිරි දැක්ම හා ප්‍රතිපත්තින් විශාල සහයෝගයක් ලබා දෙනවා. අප රට තුළ අපේක්ෂිත වර්ධන ඉලක්ක පිළිබඳව ඉතා ධනාත්මක වන අතර ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රජාවන්ට ගෝලීය අවස්ථාවන් උදාකරදීමට අපි අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාවේ සිටින අපගේ නවක සාමාජිකයින් සියලු දෙනා HCL පවුලට සාදරයෙන් පිළිගන්නවා” යැයි පැවසීය.

HCL හි කොළඹ පිහිටි කාර්යාලය ගෝලීය මට්ටමේ යටිතල පහසුකම්, බහු ස්ථර දත්ත හා භෞතික ආරක්ෂණ ප්‍රෙටෝකෝල සහ high-end පද්ධති මඟින් ගෝලීය පාරිභෝගික ජාලයට සහාය ලබාදීමට නිවහන වනු ඇත.
මනා ලෙස ස්ථාපිත දැවැන්ත සංවිධාන සඳහා සේවය සැපයීම පිණිස ඊළඟ පරම්පරාවේ විසඳුම් ලබාදීම පිළිබඳව HCL සිය අති නවීන කාර්යාලය මගින් මූලික වශයෙන් අවධානය යොමු කරනු ඇත.
මේ වන විට සේවකයින් 650කට වැඩි පිරිසකට අසුන් ගැනීමේ පහසුකම් සහිත කොළඹ පිහිටි කාර්යාලයේ දැනටමත් නව HCL දේශිය බඳවාගැනීම් 100කට අධික සංඛ්‍යාවක් සටහන්ව ඇති අතර 2020 නොවැම්බර් මස අවසානය වන විට මෙම මධ්‍යස්ථානයට තවත් ආසන 600කට වැඩි සංඛ්‍යාවක් එකතු කිරීමට එම සමාගම බලාපොරොත්තු වේ.

ඉදිරි වසර 3 සිට 5 දක්වා කාලය තුළ පුද්ගලයින් 3000ක් පමණ යෙදවීමට HCL සැලසුම් කර ඇති අතර ඉන් සේවකයින් 1500ක් ඉදිරි මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකාවේදී සේවය ආරම්භ කිරීමට නියමිතය.
HCL ආයතනය වර්ධනය ඉහළ නැංවීම සඳහා දේශිය කුසලතා සංචිතය සංවර්ධනය හා පුහුණු කිරීමට දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ඉංජිනේරු ආයතන සමඟ සක්‍රීයව සහයෝගයෙන් කටයුතු කරමින් එහි කාර්ය ඒකාබද්ධ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත

උසස් පෙළ සිසුන්, උසස් ජාතික ඩිප්ලෝමා (HND) සිසුන් නිපුණතා පුහුණු හා බඳවාගැනීමේ වැඩසටහන හරහා නවකයින් ලෙස අනියුක්ත කිරීම කෙරෙහි HCL අවධානය යොමු කිරීමට නියමිතය
මෙම සමාගම දේශිය ශ්‍රම බලකායට ඔවුන්ගේ උපන් භූමිය තුළ මුල් බැසගෙන කාර්යයේ නියැලීමට උපකාරය ලබාදෙන අතරතුර විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට නැවතත් මව් රටට පැමිණ මෙම පරිවර්තනීය ගමනේ කොටසක් වීමට ආරාධනා කරනු ඇත.

ශ්‍රී ලංකාව ගෝලීය ITO iy BPM වෙළඳපොලේ නැඟී එන ගමනාන්තයක් කරා වේගවත්ව ඇදෙමින් සිටියි. විදේශයක සිට සපයන තාක්ෂණ සක්‍රීය සේවාවන් ^ITEs& මෙන්ම මූල්‍ය හා ගිණුම්කරණය, නෛතික, රක්ෂණ, බැංකුකරණ හා විදුලි සංදේශ යන අංශ හා බැඳුණු සේවාවන් සැපයීමේදී ශ්‍රී ලංකාව හොඳම ගමනාන්තයන්ගෙන් එකක් බවට පත්ව තිබේ.
HCL හි මෙරට ආයතනය වන HCL Technologies Lanka පුද්ගලික සමාගම දියත් කිරීම සඳහා 2020 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලය සමඟ අත්වැල් බැඳගත් අතර මෙම කළාපය තුළ HCL සමාගමේ පළමු බෙදාහැරීමේ මධ්‍යස්ථානයද එයයි. HCL මෙම ආයතනය හරහා මෘදුකාංග යෙදුම් හා පද්ධති ඒකාබද්ධ කිරීමේ සේවා හා යටිතල පහසුකම් සේවා යන ක්ෂේත්‍ර ඔස්සේ ගෝලීය සේවාදායකයින්ට සේවාවන් සපයනු ඇත.