IBM, CLOUD සහ AI තුළින් ලංකාවට ඩිජිටල් පරිවර්තනයක් එක් කරයි

IBM විසින් පසුගියදා පවත්වනු ලැබූ වට මේස සාකච්ඡුාවකදී දෙමුහුන් අවකාශය (hybrid cloud) සහ කෘති‍ම බුද්ධිය (AI) මගින් ක‍්‍රියාත්මක වන උපාය මාර්ගික සැලැස්මක් ලංකාවට හදුන්වා දීමට කටයුතු කරන ලදී. Covid – 19 වසංගතය තුළින් නැගී සිටීම වෙනුවෙන් සංවිධානයන් තම ව්‍යාපාරයන් යළි සකස්කර ගනිමින් යථා තත්වයට පත් කර ගැනීමට සහ ව්‍යාපාරයන් වෙත නැවත පණ දීමට කටයුතු කරමින් සිටින හෙයින් නව සාමාන්‍යකරණය වෙනුවෙන් ඔවුන්ට සහයෝගය ලබා දීමට IBM විසින් සිය කටයුතු සදහා කෘති‍ම බුද්ධිය යොදා ගැනීමටත්, hybrid cloud වෙත මාරුවීමටත්, සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම තොරතුරු තාක්ෂණ ක‍්‍රියාවලීන් ස්වයංක‍්‍රීය කිරීමටත් පියවර ගෙන ඇත. මෙම උපාය මාර්ගයේ කොටසක් ලෙස ලංකාවේ ප්ලැටිනම් IBM ව්‍යාපාරික හවුල්කරුවකු වන PMsquare සමග සිය ගෝලීය හවුල්කාරීත්වය තව දුරටත් දීර්ඝ කරන බවද IBM නිවේදනය කරන ලදී. වෙළෙදපොල තුළ සිටින ගනුදෙනුකරුවන් සම`ග එක්ව සම නිර්මාණ සහ සම නව්‍යකරණ කටයුතු සදඟා දත්ත හා ව්‍යාපාර විශ්ලේෂණ විසදුම් වෙනුවෙන් IBM සමග PMsquare කටයුතු කරනු ඇත. IBM වසර 58කට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ ව්‍යාපාර හා කර්මාන්තයන්හි තාක්ෂණික දියුණුව වෙනුවෙන් කටයුතු කරන ප‍්‍රධාන හවුල්කරුවෙකු වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉන්දියා/ දකුණු ආසියා IBMහි කළමනාකාර අධ්‍යක්ෂ සන්දීප් පටෙල් මහතා සදහන් කර සිටියේ ‘‘ලංකාව විසින් දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් මානව ඉතිහාසය තුළ මෑතකදී සිදු වූ ඉතා දුෂ්කර අර්බුදකාරී තත්වයක් මනාව පාලනය කිරීමට කටයුතු කරන ලදී. නව සාමාන්‍යකරණය තුළ ඩිජිටල්කරණය වෙත මාරුවීම වේගවත් වී ඇති අතර තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාර පරිවර්තනයක් තුළින් අපගේ ගනුදෙනුකරුවන් වෙත ශක්තියක් ලබා දීමට IBM පෙරමුණ ගෙන ඇත. ලාංකේය ව්‍යවසායකයන්ගේ ඩිජිටල් පරිවර්තනීය ගමනේදී ඉතා ඉහළින් සිටීමට ශක්තිමත් පරිගණක පද්ධතියක්, පුළුල් යහඉරසා ජකදමා හැකියාවන් හා ගැඹුරු සයිබර් ආරක්ෂණ විශේෂඥතාවක් මගින් සහයෝගය ලබා දීමට අපි පෙරමුණ ගෙන සිටිමු.’’ යනුවෙනි.

IBM ලංකාවේ හවුල්කරුවන් කිහිප දෙනෙකු සමග කටයුතු කරන අතර ඒ තුළින් ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ ඩිජිටල් පරිවර්තනීය ගමනේදී තාක්ෂණය උපයෝගී කර ගැනීමට මග පෙන්වනු ලබයි. ලංකාව තුළ IBM හි ශක්තිමත් පරිගණක පද්ධති උපාය මාර්ගය මගින් විවිධ අංශයන්හි සමාගම්වල ආදායම හෝ ප‍්‍රමාණය පිළිබද නොසලකා ඔවුන් වෙත ළගා වීමට හැකිව තිබේ.