නවතම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය “No Time To Die”- Nokia දුරකථනයන් හි නිවහන වන HMD Global සමඟ හවුල් වේ

25 වන ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ No Time To Die හි Agent Nomi ලෙස රඟන බ්‍රිතාන්‍ය නිළි ලෂානා ලින්ච් (Lashana Lynch), HMD Global, Nokia හවුල්කාරිත්වයේ හි කොටසක් ලෙස සමාජ මාධ්‍ය ‘දුරකථන-ඡායාරූපශිල්පී’ බෙන් මැක්ලීන් (Ben Maclean) විසින් පයින්වුඩ්(Pinewood) චිත්‍රාගාරයේදී රූගත කිරීම් අතරතුර Nokia හි නවතම Nokia 8.3 5G ස්මර්ට්ෆෝනයක් භාවිතා කරමින් ඡායාරූපගත කර ඇත. බෙන් හට සමාජ මාධ්‍යහි මිලියනයට ආසන්න followers ප්‍රමාණයක් සිටින අතර ඔහුගේ නිර්මාණාත්මක ඡායාරූපකරණය සහ උපක්‍රම සඳහා ප්‍රසිද්ධියක් දක්වයි.දුමාරය ඇතුළු අඩි 30ක රිග් එකක් භාවිතා කරමින් උස් මට්ටමක සිට Nokia ස්මර්ට්ෆොන් දුරකථනය මගින් ඡායාරූපගත කරන ලදී. ‘ඔබට මෙතෙක් අවශ්‍ය එකම ගැජට් එක’ ලෙස Agent Nomi තම Nokia 8.3 5G ස්මාර්ට්ෆෝනය හදුන්වා දෙයි.

No Time To Die හි නිල දුරකථන හවුල්කරුවා HMD Global වන බව මාර්තු මාසයේ දී නිවේදනය කරන ලදී. මෙම චිත්‍රපටයේ Nokia 8.3 5G – සැබවින්ම අනාගතයට ගැලපෙන 5G තාක්ෂණයෙන් සමන්විත ස්මර්ට්ෆෝනයක් ලෙස හදුන්වාදෙන අතර එය ZEISS දෘෂ්ටි තාක්ෂණයෙන් බලවත් වූ PureView Quad කැමරාවක් සහිත වේ. තවද Nokia රසිකයන් දන්නා සහ ආදරය කරන Nokia 3310 ද මෙහි දර්ශනය වේ.

ලෝකයේ ප්‍රභලම ගනුදෙනුකරුවන් වන 00 agent වරුන්ගේ ඉල්ලීම් සපුරා ලීමට තරම් සුදුසු තත්වයේ ස්මාර්ට්ෆෝනයක් ලෙස නිරූපනය කිරීමට තරම් ආරක්ෂාව, වේගය සහ නවෝත්පාදනයන් සඳහා එහි කැපවීම විදහා දක්වන Nokia ස්මර්ට්ෆෝන්, AndroidTM ස්මාර්ට්ෆෝන් ගෝලීය සැපයුම්කරුවෙකු ලෙස HMD Global තම උසස් තත්වය විදහා දැක්වීමට කදිම අවස්ථාවක් ලෙස මෙම හවුල්කාරිත්වය හැදින්විය හැකිය.
No Time To Die හි Agent Nomi ලෙස රඟපාන Lashana Lynch මෙසේ පැවසුවාය: “වර්තමාන ලෝකයේ, අප සියලු දෙනාගේම සාක්කුව තුල ලොවට හදුන්වාදෙන නවතම ගැජට් අනිවාර්යෙන් තියෙනවා. අලුතින් හදුන්වාදෙන ස්මාර්ට් ෆෝන් වලට කළ හැකි දේ ඉතාමත් විශ්මිතයි. නොවැම්බර් මාසයේදී No Time to Die ප්‍රදර්ශනය සැමරීම සඳහා මෙම නව ස්මාර්ට් ජංගම දුරකථනය එළිදැක්වීම ගැන මම ඉතා සතුටට පත්වන අතර, Nokia 8.3 5G ස්මර්ට්ෆෝනය – Bond පවා භාවතා කරන ගැජට් සෑම විටම සැමට වඩා ඉදිරියෙන් සහ උසස් තත්වයෙන් තිබෙන බව සාක්ෂි දරයි.”

Nokia දුරකථන නිපදවන HMD Global හි ප්‍රධාන විධායක නිලධාරි Florian Seiche මහතා මෙසේ පැවසීය, “චිත්‍රපටයේ නවෝත්පාදනයන් සඳහා වූ කැපවීම, සෑම Nokia ස්මාර්ට් ජංගම දුරකතනයක් තුළම නිර්මාණය කර ඇති විස්මිත තාක්‍ෂණය සමඟ සම්බන්ධ වී ඇති අතර, ඕනෑම කෙනෙකුට – 00 agentවරුන්ට පවා අවශ්‍ය වන එකම උපාංගය අපගේ උපාංග ලෙස හදුන්වදීමෙන්, මෙය ඉතා බලවත් හවුල්කාරිත්වයක් බවට පත් කරයි.
“විශ්වාසය, ආරක්ෂාව සහ ගුණාත්මක නිර්මාණයකින් යුක්තව Nokia දුරකථන ගොඩනගා ඇති අතර අපගේ වටිනාකම් පිළිබිඹු කරන්නේ No Time to Die සහ නව Agent Nomi ය. නවීන තාක්‍ෂණය සෑම කෙනෙකුටම ලබා දීමට හැකිවීම ගැන අපි ආඩම්බර වන අතර අපගේ නවතම හවුල්කාරිත්වය එයට උපකාරී වේ යැයි බලාපොරොත්තු වෙමු” යැයි ඔහු තවදුරටත් පැවසීය.