Vision Care ආයතනය විසින් නිසි කලට අක්ෂි පරීක්ෂාවන් සිදුකර ගැනීමේ වැදගත්කම පෙන්වාදෙයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම දෘෂ්ටි සේවා සැපයුම්කරුවා වූ විෂන් කෙයා ආයතනය, මෙවර ”පෙනීමට බලාපොරොත්තුවක්” (“Hope in Sight”) තේමාව යටතේ දියත්වන ලෝක දෘෂ්ටි දිනයේ දී වයස් භේදයකින් තොරව  ඕනෑම පුද්ගලයෙකු කලට වේලාවට අක්ෂි පරීක්ෂාවන් සිදුකර ගැනීමේ වැදගත්කම පිළිබඳව පෙන්වාදෙයි.

ගෝලීය වශයෙන් බිලියනයක පමණ ජනතාවක් සුවකළ හැකි දෘෂ්ටි දෝෂයක් සමඟ දිවිගෙවන අතර ඔවුන් තවමත් එම දෘෂ්ටි දෝෂ හඳුනා නොගෙනම දිවිගෙවනා හෝ දෘෂ්ටි දෝෂයට ප‍්‍රතිකාර කිරීමකින් තොරව දිවිගෙවයි. පෙනීම දුර්වලවී යාම හෝ ඇස් නොපෙනීමෙන් කෙනෙකුගේ ජීවිතයට බොහෝ සෘණාත්මක බලපෑම් ඇතිවිය හැක. නිවසේ එදිනෙදා කටයුතු කිරීමේ දී, සමාජයට ගොස් හැසිරීමේ දී, පාසල් ගොස් අධ්‍යාපන කටයුතු සිදුකිරීමේ දී, රැුකියාවක් සොයා යාමේ දී සහ පොදු සේවාවන් ලබාගැනීමට යාමේ දී දෘෂ්ටි දෝෂයන් නිසා ඔබට නොයෙකුත් අපහසුතාවයන්ට මුහුණදීමට සිදුවේ. ලොව ජීවත්වන  ඕනෑම කෙනෙකුට දෘෂ්ටි දෝෂයක් නිසා තමන්ගේ ජීවිතයේ සැබෑ දක්ෂතාවයන් සහ හැකියාවන් නිවැරදිව අත්පත්කර ගැනීමට නොහැකි වේ.

ශ‍්‍රී ලංකාවේ විශාලතම දෘෂ්ටි සේවා සැපයුම්කරුවා වූ විෂන් කෙයා ආයතනය, තම පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ඇස් පෙනීම නිසි පරිදි පරීක්ෂා කරගැනීම වෙනුවෙන් පරිපූර්ණ දෘෂ්ටි පරීක්ෂණ සේවා පහසුකම් ලබාදෙයි. ඇස් පරීක්ෂා කිරීමට සහ දෝෂ හඳුනාගැනීම සඳහා විෂන් කෙයා දෘෂ්ටි විශේෂඥයන් විසින් ලොව පිළිගත් ඉහළ තාක්ෂණයෙන් සපිරි මෙවලම් පමණක් යොදාගනී. මේ නිසා පාරිභෝගිකයන්ට වඩාත් නිවැරදිව තමන්ගේ ඇස් පරීක්ෂා කරගත් බවට ඇති සැබෑ විශ්වාසයකින් තම ඉදිරි ජීවිතය සතුටින් ගතකළ හැක. ශ‍්‍රී ලංකාවේ අක්ෂි ආරක්ෂණ ක්ෂේත‍්‍රයට ඉහළ තාක්ෂණයෙන් යුත් නවීන උපකරණ හඳුන්වාදෙමින් එම ක්ෂේත‍්‍රය ගුණාත්මකව ඉහළ නැංවීමේ පුරෝගාමියා ලෙස විෂන් කෙයා ආයතනය හැඳින්විය හැකිය. නවීන තාක්ෂණය භාවිතා කර උසස් තත්ත්වයෙන් යුත් අක්ෂි පරීක්ෂණ, ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි සහ අක්ෂි කාච සාධාරණ මිල ගණන්වලට පාරිභෝගිකයන් වෙත ලබාදීමට එම ආයතනය ඇපකැපවී ක‍්‍රියාකරයි.

පාරිභෝගිකයන් සමඟ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රවේදයන්ට අනූව ගනුදෙනු පවත්වාගැනීම සඳහා විශේෂ පුහුණුවක් විෂන් කෙයා ආයතනයේ සියලූ සේවකයන් වෙත ලබාදී තිබේ. එහිදී හැකි සෑම අවස්ථාවකදීම පිළිපැදිය යුතු සියලූ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් සහ නිවැරදි දුරස්ථභාවය පවත්වාගැනීම පිළිබඳව සේවකයන්ව දැනුවත්කිරීම සිදුවේ. පාරිභෝගිකයෙක් සමඟ සිදුකරන සෑම ගනුදෙනුවකටම පෙර සහ පසු ඒ සඳහා භාවිතා කළ සියලූ උපකරණ ජීවාණුහරණය කිරීම සිදුවේ.

මෙම සුවිශේෂී අවස්ථාවේ සිය අදහස් බෙදාගත් විෂන් කෙයා ආයතනයේ සාමාන්‍යාධිකාරී හර්ෂ මධුරංග මහතා,” කලට වේලාවට ඇස් පරීක්ෂා කරගැනීම වගේම ඇස් නොපෙනෙන බව තමන්ට දැනෙන තෙක් පෙනීමේ දුබලතා ගැන අපේ ජනතාව ඒ තරම් ගණන් ගන්නේ නෑ. සාමාන්‍යයෙන් රුධිරගත සීනි පරීක්ෂාව, කොලෙස්ටරෝල් පරීක්ෂාව සහ රුධිර පීඩන පරීක්ෂාව වැනි පරීක්ෂාවන් කලට වේලාවට සිදුකරගත්තත් නිසි කලට ඇස් පරීක්ෂා කරගැනීම ගැන ජනතාවට තියෙන්නේ අඩු අවධානයක්. ඇත්තටම ළමාවියේ සිට වැඩිහිටියන් දක්වා කලට වේලාවට තමන්ගේ අක්ෂි පරීක්ෂා කරගැනීමට අවධානය යොමුකිරීම ඉතාම වැදගත් කර්තව්‍යයක්. කලට වේලාවට නිසි පරිදි අක්ෂි පරීක්ෂාවක් කරගැනීම හරහා මොනතරම් ප‍්‍රමාණයක් දෘෂ්ටි දෝෂ හඳුනාගන්න හැකියාව තියෙනව ද?, දෝෂයක් කලින් හඳුනාගැනීම නිසා ඒවාට පිළියම් කරගැනීම කෙතරම් පහසුද කියලා ජනතාව තේරුම්ගන්න  ඕනේ. දැන් ළඟම ඇති විෂන් කෙයා ශාඛාවට ගිහිල්ලා ලෝකේ තියෙන ඉහළම තාක්ෂණයෙන් යුත් අක්ෂි පරීක්ෂණ උපකරණවලින් වඩාත් ඉහළ වෘත්තීයභාවයක් ඇති අපගේ සේවකයන් ලවා ඉහළ නිවැරදිතාවයකින් යුතුව තමන්ගේ අක්ෂි පරීක්ෂාවන් කරගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව තියෙනවා. ඇත්තටම  ඕනෑම වයස් කාණ්ඩයක සිටින කෙනෙකුට කලට වේලාවට ඇස් පරීක්ෂා කරගැනීම ඉතාම වැදගත්වෙනවා. එවගේම කුඩාවියේ පටන්ම නිරන්තර අක්ෂි පරීක්ෂාවන් සඳහා දරුවන් යොමුකිරීමට දෙමාපියන් වෙත විශේෂ වගකීමක් පැවරිලා තියෙනවා.”

සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ ලොවපුරා මිලියන 253කට ආසන්න ජනතාවක් මොනයම් හෝ දෘෂ්ටි දෝෂයකින් පෙළෙන බවත් එම සංඛ්‍යාවෙන් මිලියන 36කගේ ඇස් සම්පූර්ණයෙන් අන්ධ බවත් එසේම ඉතිරි මිලියන 217 දෙනාට පෙනීමේ යම් වර්ධනයක් සිදුකරගැනීමේ හැකියාවක් ඇතිබවත්ය. පෙනීමේ දුබලතා සහ සම්පූර්ණ අන්ධභාවයට ප‍්‍රධානතම හේතුව වන්නේ නිවැරදි කර නොගත් දෘෂ්ටි දෝෂ සහ ඇසේ සුද “cataracts” ඇතිවීමයි. පුද්ගලයෙකුගේ පෙනීමේ දුර්වලතාවයක් ඇතිවීමට විවිධ කාරණා බලපායි. මේවා දියවැඩියාව සහ ඇසට ඇතිවන අනතුරු, ඇසේ වර්තන දෝෂ තත්ත්වයන්, ඇසේ සුද ඇතිවීම, වයස්ගතවීමේදී දෘෂ්ටිවිතානයේ ඇතිවන රෝග හෝ ග්ලූකෝමා තත්ත්වයන් වේ. දෘෂ්ටි දෝෂ ඇතිවන බොහෝ පිරිස් අවුරුදු 40ට වැඩි පුද්ගලයන් වූවත්  ඕනෑම වයසක කෙනෙකුට දෘෂ්ටි දෝෂ ඇතිවීමේ අවධානමක් පවතී. මේ හේතුවෙන් විෂන් කෙයා ආයතනය දරුවන්ගේ අක්ෂි සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කිරීමට විශේෂ කාර්යභාරයක් සිදුකරයි. තවද දරුවන්ගේ දෘෂ්ටි දෝෂ සහ අනෙකුත් ඇස් පෙනීම් තත්ත්වයන් හඳුනාගෙන ඒවාට ඉක්මන් ප‍්‍රතිකාර ලබාදීමට විශේෂඥ සහාය සහ තාක්ෂණික සේවා සපයයි.