DFCC Pinnacle Centre සමඟින් සුවිශේෂී පාරිභෝගික සේවාවක් ස්ථාපනය කරයි

ශ‍්‍රී ලංකාවේ ඉහළ ආර්ථික ශක්‍යතාවක් ඇති ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ක‍්‍රමානුකූලව වර්ධනය වීමත් සමග, ඔවුන්ට වඩාත් ඉහළ තලයේ සේවාවක් ලබාදීමේ අරමුණින්, ‘DFCC Pinnacle Centre’ නමින් විශේෂ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් අංක 87, හෝර්ටන් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ ස්ථාපිත කිරීමට DFCC බැංකුව කටයුතු කළේ ය.

ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අවස්ථාව සලසා දීමට DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් වන මෙය, ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සියල්ලම පාහේ එකම වහලක් යටදී සපුරාලීමට හැකියාව ඇති මධ්‍යස්ථානයකි. රැුස්වීම් ශාලාවක්, විවේක ස්ථානයක්, පාපැදි නැවැත්වීමේ ස්ථානයක්, ඇඳුම් මාරුකර ගැනීම සඳහා කාමර, නම්‍යශීලී කාර්යාල (‘Hot-desking’) පහසුකම් සහ විනෝදාස්වාදය සඳහා වෙන් වූ ස්ථාන ඇතුළුව, Pinnacle ගනුදෙනුකරුවන් සඳහාම වෙන් වූ පහසුකම් රාශියක් මීට ඇතුළත් ය. තවද සම්බන්ධතා කළමනාකරුවන් හා අත්දැකීම් බහුල වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක සේවාව ඔස්සේ වඩාත් විශිෂ්ට බැංකුකරණ අත්දැකීමක් හිමිකර ගැනීමට ගනුදෙනුකරුවන්ට මෙහිදී අවස්ථාව හිමි වේ. 

එමෙන්ම ඉතුරුම් හා ජංගම ගිණුම් සඳහා අදාළ වන මූලික තැන්පතු සීමාවන් ඉවත් කිරීම, සන්නාමය සඳහන් චෙක්පොත් නොමිලේ නිකුත් කිරීම, භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදී පවතින සීමාවන් ඉහළ නැංවීම වැනි තවත් විශේෂ ප‍්‍රතිලාභ රාශියක්ද DFCC Pinnacle ගනුදෙනුකරුවන් වෙත දැනටමත් ලබා දී  ඇත. තවද ‘Pinnacle Infinite’ ක්‍රෙඩිට් කාඩ්පත මගින් ඔවුන්ට ජාත්‍යන්තර ගනුදෙනු, ආපනශාලා වලදී ආහාරපාන ගැනීම, බිල්පත් ගෙවීම සහ ඉන්ධන මිලදී ගැනීම ආදිය සඳහා 3% ක් දක්වා මුදල් ආපසු ලබාදීම ඇතුළුව, තවත් දීමනා හා ප‍්‍රතිලාභ රාශියක් වසර පුරා හිමි වේ. DFCC Pinnacle Infinite ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරමින් යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් මිලදී ගත්විට, නොමිලේ ගුවන් තොටුපළ විශේෂ පරිශ‍්‍රය භාවිතා කිරීමට අවස්ථාව සහ නොමිලේ සංචාරක රක්ෂණයක් හිමිවීම තවත් විශේෂත්වයකි. ඊට අමතරව DFCC Pinnacle ගනුදෙනුකරුවන්ට විද්‍යුත් බැංකුකරණ පහසුකම් සහ ‘DFCC Virtual Wallet’සේවාව ඇතුළු ඩිජිටල් සේවාවන් නොමිලේ හිමි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. ”කොළඹ නගරයේ සුවිශේෂී ස්ථානයක පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය ඔස්සේ අපගේ ඉහළම තලයේ ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. ඉහළ මට්ටමේ වෘත්තියක නිරත වන අතරම නිරතුරුව පවුලේ යහපත සැලසීම කෙනෙකුට කෙතරම් වැදගත්ද යන්න අප හොඳින් දන්නා නිසා, ඔවුන්ට තම බැංකු සේවා අවශ්‍යතාවන් වඩාත් පහසුවෙන් සපුරාගැනීමට හැකිවන අවකාශයක් ලබාදීමට අපට අවශ්‍ය වුණා. මේ අතිනවීන මධ්‍යස්ථානය තුළදී ගනුදෙනුකරුවන්ට තම අවශ්‍යතාවන් අනුව සුවිශේෂී වූ සේවාවක් ලබාගැනීමට පුළුවන්. එහිදී ඔවුන්ගේ පෞද්ගලිකත්වය සුරැකෙන ආකාරයට, ඉක්මනින් හා පහසුවෙන් එම අවශ්‍යතා ඉටුකර දීමට අප සූදානමින් සිටිනවා.”

DFCC Pinnacle Centre විවෘත කිරීම නිමිත්තෙන් සහ, DFCC බැංකුවේ තිරසාරත්ව ක‍්‍රමෝපාය යටතේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් අතර සමබරතාව පවත්වාගැනීම සඳහා පාපැදි භාවිතය ප‍්‍රචලිත කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, පාපැදි ධාවන ඉසව්වක්ද සංවිධානය කරන ලදි. මෙම මධ්‍යස්ථානය වෙත පාපැදි වලින් පැමිණෙන ගනුදෙනුකරුවන් සඳහා ඇඳුම් මාරුකිරීමේ ස්ථාන ඇතුළුව තවත් පහසුකම් සපයා දී තිබේ. DFCC Pinnacle සේවාව ගැන වැඩිදුර විස්තර මෙම නව සේවා ස්ථානයෙන් හෝ 011 2 35 00 11 අමතා ලබාගත හැක.