MarCom Collective නියෝජිතයන් හා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් හමුවෙයි

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොල හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු අජිත් නිවාඞ් කබ්රාල් (මැද), MarCom Collectiveහි කැඳවුම්කරු තයාලන් බාර්ට්ලට් (අමාත්‍යතුමාගේ වම් පස), Ernst & Young ශ්‍රී ලංකා සහ මාලදිවයින්හි ජ්‍යෙෂ්ඨ හවුල්කරු සහ උපදේශක ප්‍රධානී අර්ජුන් හේරත්, Ernst & Young ශ්‍රී ලංකාහි බදු සේවා හවුල්කාර සුලෙයිමාන් නිෂ්තාර්, Ernst & Young ශ්‍රී ලංකාහි ව්‍යාපාර උපදේශන සේවා කළමනාකාර රොඞ්නි ප්‍රනාන්දු, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ආර්.එම්. රත්නායක (අමාත්‍යතුමාගේ දකුණු පස), MarCom Collectiveහි කැඳවුම්කරු රොහාන් රාජරත්නම් සහ වීඩියෝ හා චිත්‍රපට නිෂ්පාදන සංගමයේ සභාපති සංතුෂ් වීරමන් යන මහත්වරුන් ඡායාරූපයේ වේ.

MarCom Collective සංවිධානයේ සහ සහ Ernst & Young ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් පසුගියදා මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොල හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු අජිත් නිවාඞ් කබ්රාල් මහතා හමු වූහ.

මෙම හමුව අලෙවිකරණ සන්නිවේදන අංශය ආර්ථිකයට දක්වන සුවිසල් නමුත් අප්‍රකට දායකත්වය පිළිබඳව රජයේ කොටස්කරුවන් සහ කර්මාන්තයේ නියුතු අයද දැනුම්වත් කිරීමට MarCom Collective විසින් සිදු කරනු ලැබූ නවතම උත්සාහයයි.

MarCom Collective යනු, අලෙවිකරණ සන්නිවේදන කර්මාන්තයේ ආයතන, ව්‍යාපාර හා වෘත්තිකයන් 9 කින් සුසැදි දැන්වීම්කරණ, වෙළෙඳපොල පර්යේෂණ, අවස්ථා නිර්මාණය, ඡායාරූපකරණය, වීඩියෝ සහ ශ්‍රව්‍ය නිෂ්පාදන, මාධ්‍ය සැලසුම්කරණය, ඩිජිටල්, මහජන සම්බන්ධතා, එළිමහන් දැන්වීම්කරණ, ටෙලි/ විකාශන මාධ්‍ය (රූපවාහිනී, මුද්‍රිත, ගුවන් විදුලිය සහ අන්තර්ජාල මාධ්‍ය), සම්මන්ත්‍රණ වැඩමුළු හා ප්‍රචාරණ වැඩසටහන් ආයතන, මුද්‍රණ හා ඇසුරුම්කරණ ඇතුළු අංශ 12කින් සමන්විත කණ්ඩායමකි. එහි සාමාජිකයන් හා අනෙකුත් පාර්ශවකරුවන් මෙලෙස එක් වී ඇත්තේ, පශ්චාත් COVID-19 ව්‍යාපාරික වටපිටාව තුළ ක්ෂේත්‍රය මුහුණ දෙන විවිධ ගැටළු මැනවින් හඳුනාගෙන, ඒවායින් අදාළ ව්‍යපාරවලට සිදුවන අහිතකර බලපෑම අවමකර ගැනීමටත්, අර්ථික පරිහානිය වලක්වා ගෙන නැවත පණගන්වා, දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයක් ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා වේ.