සැම්සුන්ග් සභාපති දිවියෙන් සමුගනියි

දකුණු කොරියාවේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයා වන සැම්සුන්ග් හි සභාපති ලී කුන්-හී සිය දිවි ගමනට සමුදී ඇති බව විදෙස් වාර්තා පවසයි.

78 වැනි වියෙහි පසුවූ සැම්සුන්ග් සභාපතිවරයා 2014 වසරේ සිට දීර්ඝ කාලයක් හෘදයා බාධයකින් පීඩා වින්ඳේය.

“සභාපති ලී යනු දේශීය ව්‍යාපාරිකයෙකුගෙන් සැම්සුන්ග් ලොව ප්‍රමුඛතම නවෝත්පාදක සහ කාර්මික බලාගාරය බවට පරිවර්තනය කළ සැබෑ දැක්මක් ඇති අයෙකි. සැම්සුන් හි සිටින අප සියලු දෙනා ඔහුගේ මතකය අගය කරනු ඇති අතර, අපි ඔහු සමග බෙදාගත් ගමනට කෘතඥ වන්නෙමු.”යැයි සැම්සුන්ග් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ලීගේ පුත්, ජේ වයි ලී 2012 දී උප සභාපති ධුරයට පත්වූදා සිට සමාගමට නායකත්වය දුන් අතර ඔහුගේ පියාගේ අභාවයෙන් පසුව ඔහු එම පදවිය උරුම කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.