OPPO සමාගම ආකර්ෂණීය OPPO F17 මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

පසුගියදා OPPO F17 Pro දුරකථන මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් OPPO Sri Lanka සමාගම එහි මීළඟ පියවර වශයෙන් දැන් OPPO F17 මාදිලියද මෙරටට හඳුන්වා දී තිබේ.

“මෙය F Series මාදිලි එකතුවේ සුවිශේෂී ලක්ෂණ සමග ආකර්ෂණීය පෙනුම, අධිවේගී ආරෝපණය සහ විනෝදාස්වාදය එක්තැන් කරන මාදිලියක්. දුරකථනය නිතර භාවිතා කරන අයගේ දෑස් වලට ඇතිවන වෙහෙස අවම කිරීම වෙනුවෙන්ම සැලසුම් කළ විශේෂාංග රාශියක් මීට ඇතුළත් වී තිබෙනවා.” OPPO Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

සැහැල්ලු හා අලංකාර ‘ලෙදර් පෙනුමැති’ නිමාව

OPPO F17 යනු ආකර්ෂණීය නිමාවකින් යුත්, බරින් අඩු, විලාසිතාමය පෙනුම නිසා බෙහෙවින් කැපී පෙනෙන නිර්මාණයකි. එහි ලෙදර් පෙනුමැති පසුපස කවරය සහ ලේසර් තාක්ෂණයෙන් නිර්මාණය කළ රටාවන් එහි අලංකාරය තවදුරටත් වැඩි කරයි. Navy Blue සහ Dynamic Orange යන වර්ණ දෙකෙන් මෙම දුරකථනය ලබාගත හැකි වේ.

OPPO F17 මාදිලියේ ආකර්ෂණීය බව තවදුරටත් වැඩිකරන අංගයක් වන්නේ, එහි පසුපස ආවරණයේ යොදා ඇති කැමරා රටාවයි. එහි ඇත්තේ ඉහළ තලයේ අත් ඔරලෝසු වලින් ආභාෂය ලද, කැමරා 4 කින් යුත් පද්ධතියක් මනාව සමබර ලෙස යොදා ඇති 2×2 array design  නිමාවකි. 2.5D curved බඳ, සාම්ප්‍රදායික 3D curved බඳ රටාවන්ට වඩා සරල හා සමතල නිමාවක් ලබාදෙයි. One-piece body නිමාව මගින් සුවිශේෂී, සෞන්දර්යාත්මක පෙනුමක් එක්වී ඇති අතරම දුරකථනය අත්ලට දැනෙන ආකාරයද වඩාත් ප්‍රසන්න වේ. තවද OPPO F17 මාදිලිය වඩාත් සිහින් හා පටු ඉදිරිපස bezel එකක් සහිත නිමාවකින් යුක්ත නිසා, එය වඩාත් හුරුබුහුටි හා සැහැල්ලු දුරකථන මාදිලියක් බවට පත්වී ඇත.

30W VOOC Flash Charge

OPPO F17 මාදිලියට යොදා ඇති 4015mAh බැටරියට 30W VOOC Flash Charge තාක්ෂණය භාවිතා කළ හැකි නිසා එයවිනාඩි 30 කදී 72% ක්ද, විනාඩි 56 කදී පූර්ණ වශයෙන්ද ආරෝපණය කළ හැකි වේ. තවද Super Power Saving Mode වැනි, බැටරියේ ආරෝපණය කාර්යක්ෂම ලෙස භාවිතා කරන ක්‍රමවේදයන් නිසා ආරෝපණය පැය 17 ක් දක්වා පවත්වා ගැනීමට හැකිවන අතර, Super Night-time Standby ක්‍රමය තුළදී, දුරකථනය භාවිතා කරන්නාගේ නිදාගැනීම් රටාවන් අධ්‍යයනය කර, රාත්‍රියේදී උපරිම මට්ටමේ බලශක්ති ඉතිරියක් සහතික කරයි.

ඇසට පහසුවක් ගෙනෙන සේ මනාව සැලසුම් කළ තිරය

Sunlight Screen දර්ශන තිරය බාහිර ආලෝකය අනුව තිරයේ දීප්තිය ස්වයංක්‍රීයව සීරුමාරු කරමින් ඇසට වැඩි පහසුවක් ගෙනෙයි. දුරකථනය භාවිතා කරන පුද්ගලයා විවිධ පසුබිම් වලදී තිරයේ දීප්තිය අඩු-වැඩි කරන ආකාරය වටහා ගැනීමට AI Smart Backligh තාක්ෂණයට හැකියාව ඇත. Moonlight Screen ස්වයංක්‍රීයව තිරය අවම දීප්තියට ගෙන එන අතර DC Dimming මගින් වීඩියෝ හෝ සමාජ මාධ්‍ය යෙදුම් භාවිතයේදී තිරය flicker වීම අවම කර ඇසට ඇතිවන වෙහෙස අවම කරයි. In-display finger-print scanner මගින්, දුරකථනයේ පසෙකින් හෝ පසුපස යොදා ඇති finger-print detectors වලට වඩා ඉක්මනින් හා පහසුවෙන් ඇඟිලි සලකුණු හඳුනා ගැනීම සිදුවේ.

විනෝදාස්වාදය සිත්පුරා

Hyper Boost 2.1  2ග1 තාක්ෂණය නිසා apps සහ games වඩාත් ඉක්මනින් respond කරන අතර සමස්ත පද්ධතියතම වඩාත්කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වේ. 8GB RAM සහ 128GB storage නිසා දුරකථනය දිගු වේලාවක් එකදිගට භාවිතා කිරීමෙන් පසු පවා මන්දගාමී වීමේ ඉඩකඩ අවම කරයි.

OPPO හි RAM+ anti-lag සහ OF2FS මගින් memory වැඩිදුර expand කරමින්, system සහstorage performance වැඩිදියුණු කර, system aging  මගින් ඇතිවීමට ඉඩ ඇති lag වීම අවම කර, වේගය සහ ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමක රඳවාගනී.

OPPO F17 හි Dual Channel Network Acceleration මගින් Wi-Fi සහ mobile network වඩාත් කාර්යක්ෂම හා ස්ථාවර කරයි, විශේෂයෙන්ම Wi-Fi සම්බන්ධතාව දුර්වල අවස්ථා වලදී මෙය බෙහෙවින් වැදගත් ය. Bullet Notifications සහ Floating Window Reply මගින් වීඩියෝ ක්‍රීඩා අතරතුර බාධා වීමේ ඉඩකඩ වළක්වාලයි.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් සහිත කැමරා

OPPO F17 මාදිලියේ 16MP ප්‍රධාන කැමරාවට AI Dazzle Color යොදා ඇත. මෙය deep learning algorithms භාවිතයෙන් අවට පරිසරයේ දීප්තිය හා වර්ණ අනුව ඡායාරූප වල වර්ණ වඩාත් සජීවී හා දීප්තිමත් කිරීමට සමත් වේ. AI Beautification 2.0 තාක්ෂණය ඡායාරූප තුළදී සමේ තාත්වික පෙනුම රැකගෙන එහි දෝෂ ඉවත් කරන අතර, වඩාත් පැහැදිලි හා දීප්තිමත් ඡායාරූප ලැබෙන ආකාරයට සමේ වර්ණයේ සියුම් සැකසුම් සිදුකරයි.

Front Night Mode මගින් ආලෝකය අඩු පසුබිම් තුළ පවා පැහැදිලි හා තියුණු සෙල්ෆි ඡායාරූප ලබාගැනීමේ හැකියාව ලැබෙන අතර, Steady Video Mode තුළදී  Electronic Image Stabilization (EIS) ඔස්සේ වඩාත් ස්ථාවර හා පැහැදිලි දර්ශන සහිත වීඩියෝ ලබාගත හැක. First-party Sloop video editing app මගින් ඉතාමත් පහසුවෙන් කෙටි වීඩියෝ නිර්මාණය කර short video platforms වලට upload කළ හැකි වේ.

කාර්යක්ෂම ColorOS 7.2 මෙහෙයුම් පද්ධතිය

OPPO F17 මාදිලියේ ක්‍රියාත්මක වන ColorOS 7.2  යනු පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වී ඇති විශේෂාංග රැසකින් සමන්විත මෙහෙයුම් පද්ධතියකි. එහි Icon Pull-Down Gesture මගින්  Home Screen එකට ඉහළින් ඇති, එක්වරම ළඟාවීම දුෂ්කර apps වඩාත් ඉක්මනින් open කළ හැකි වන අතර, 3-finger screenshot feature මගින් අවශ්‍ය පරිදි ඉතා පහසුවෙන් screenshots ලබාගත හැකි වේ.

OPPO F17 මාදිලිය 8 GB + 128 GB සහිතව, Navy Blue සහ Dynamic Orange වර්ණ වලින්, දිවයින පුරා OPPO අලෙවි නියෝජිතයන් වෙතින් මෙන්ම අබාන්ස්, සිංහගිරි හා ඩයලොග් අලෙවිසැල් වලින්ද, Daraz වෙබ් අඩවියෙන්ද ලබාගත හැකි වේ. මෙහි මිල රු. 54,990 ක් වන අතර, මිලදීගැනීමේදී නොවැම්බර් 07 දක්වා OPPO සන්නාමය සඳහන් T-Shirt එකක්ද හිමිවනු ඇත.