Unilever නිෂ්පාදන 250කට වැඩි ප්‍රමාණයකට ISO 9001 සහ GMP ප්‍රමිති සහතික හිමිවෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන Unilever ශ්‍රී ලංකාහි හොරණ මූලික කරගත් නිෂ්පාදන කර්මාන්ත ආයතනය වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ISO 9001 තත්ව සහතිකය පිරිනැමූ බව පසුගියදා නිවේදනය කරන ලදී.

මීට අමතරව ඉහළ නිෂ්පාදන පිරිවිරයන් සඳහා වන GMP සහතිකයද මේ සමඟ Unilever කර්මාන්ත ආයතනය වෙත හිමිවීම විශේෂත්වයකි.

එහි ප්‍රතිඵලයක් ලෙස සන්ලයිට්, ලයිෆ්බෝයි, සිග්නල්, ලක්ස්, පෙයාර්ස් බේබි, සන්සිල්ක්, වොන්ඩර්ලයිට්, ලිවර් ආයුෂ්, ක්ලෝස් අප්, ඩව්, ග්ලෝ ඇන්ඞ් ලව්ලි, පොන්ඞ්ස් සහ වැස්ලින් යනාදී සන්නාම 14ක Unilever නිෂ්පාදන 256ක් ISO 9001 තත්ව සහතිකය යටතේ මෙහිදී නිෂ්පාදනය කරනු ලබයි.

ISO 9001 යනු තත්ව කළමනාකරණ ක්‍රියා පටිපාටිය සහතික කිරීමක් වන අතර GMP සහතික කිරීම මඟින් අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන අඛණ්ඩව සිදු කරන බව සහතික කරනු ලබයි. ඒ තුළින් පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීම සඳහා නිෂ්පාදන හා සේවාවන් සෑම විටම ලබා දීම සඳහා සමාගමක් සතු හැකියාව පැහැදිලි කරනු ලබන අතර අන්තර්ජාතිකව නියාමනය කරන ලද ප්‍රමිතීන්ට අනුකූලව පාලනයන් අධීක්ෂණය කිරීම සිදු කරනු ලබයි. එහිදී වැඩි දියුණු කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලීන් ඵලදායී ලෙස භාවිත කිරීම සහ පාරිභෝගික අනුකූලතාව සහතික කිරීම මෙන්ම අදාළ ව්‍යවස්ථාපිත හා නියාමන අවශ්‍යතා මත සමාගම් මනිනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Unilever ශ්‍රී ලංකාහි සැපයුම්දාම අධ්‍යක්ෂ ජෙරාඞ් ඉරුදයරාජ් මහතා “Unilever ශ්‍රී ලංකාහි සියලුම වෙළෙඳ නාමයන්ගෙන් 100%කට ආසන්න ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීමට කැපවී සිටින සමාගමක් ලෙස මේ සහතිකවලින් හිමිවන ගුණාත්මකභාවය සහ රැකවරණය පිළිබඳ අපි නිහතමානීව සතුටු වෙමු. අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් වන අපගේ පොරොන්දුව තුළ නිරන්තරයෙන් අවධානය යොමු කරනු ලබන්නේ උසස් තත්වයේ ජාත්‍යන්තර නිෂ්පාදන ලබා දීම වෙනුවෙනි. දැඩි අභ්‍යන්තර හා බාහිර නිෂ්කාශන ක්‍රියාවලීන්ට හා ප්‍රමිතීන්ට අප එළඹ ඇත්තේද එහෙයිනි. ISO 9001 සහ යහපත් නිෂ්පාදන පිළිවෙත් අනුව කටයුතු කිරීම යන පිළිගැනීම්වලට ලක්වීම අප ලද ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකියි. එය වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ශක්තිමත් නිෂ්පාදන භාවිතයන් කෙරෙහි වන අපගේ විශ්වාසය ඉහළ නංවන අතර ගෝලීය තත්ව ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වන අපගේ කැපවීමද ප්‍රර්ශනය කරනු ලබනවා”. යනුවෙන් ප්‍රකාශ කර සිටින ලදී.

මෙහිදී අදහස් දැක්වූ Unilever ශ්‍රී ලංකාහි රූපලාවන්‍ය හා පුද්ගලික ආරක්ෂණ අලෙවි අධ්‍යක්ෂිකා නිලූෂි ජයතිලක මහත්මිය සඳහන් කර සිටියේ “Unilever සමාගම ලෙස අපි දේශීය හා ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ඉහළම ගුණාත්මක නිෂ්පාදන ලබා දීමෙන් මෙරට පාරිභෝගිකයන්ගේ ජීවන තත්වයන් ඉහළ නැංවීමට කටයුතු කරනු ලබනවා. Unilever ශ්‍රී ලංකාහි ඉතා විශාල මෙන්ම විශ්වාසවන්ත පාරිභෝගික පදනම ඊට කදිම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි. අප සතු නිෂ්පාදන හැකියාව මත අප විසින් ක්‍රියාත්මක කරනු ලබන උසස් නිෂ්පාදන භාවිතයන් සහ ස්ථාවර සංවර්ධනයන් නොතිබුණේ නම් අපට මේ ආකාරයේ සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට හැකි වන්නේ නැහැ. ශ්‍රී ලංකාව තුළදීම නිෂ්පාදනය කරන නිෂ්පාදන පෙළක් සමඟින් මේ ගෝලීය ප්‍රමිතීන් දිනා ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙනවා. යනුවෙනි.

Unilever පිළිබඳව
1938 වසරේ ආරම්භයේ සිටම Unilever ශ්‍රී ලංකා, ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ අංශයේ විශාලතම සමාගමක් බවට පත්ව ඇත.එහි වත්මන් නිෂ්පාදන එකතුවට ගෘහ ආරක්ෂණ, පුද්ගලික ආරක්ෂණ, සහ ආහාර පාන යනාදී අංශයන්හි වෙළෙඳපොලෙහි ප්‍රමුඛ පෙළේ සන්නාම 30ක් ඇතුළත් වේ. එම නිෂ්පාදනයන්ගෙන් 96%ක් ඉහළ නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූලව දේශීයව නිෂ්පාදනය කරනු ලබයි.

ගෙවුණු වසර 82ක කාලය තුළ ශ්‍රී ලංකා සමාජයේ ගැඹුරින් මුල් බැස ඇති Unilever සැබෑ ශ්‍රී ලාංකේය ජීවන රටාව ආරක්ෂා කිරීමේ හා පෝෂණය කිරීමේ පසුබිම සකස් කරනු ලබයි. ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ Unilever මෙහෙයුමෙහි ඉදිරි පියවරක් ලෙස යළිත් වරක් ආයතනික ප්‍රමිතීන් නගා සිටුවීමේ මෙම ක්‍රියාන්විතය පෙන්වා දිය හැකිය.