OPPO INNO Day 2020 නොවැම්බර් 17 දා – නව සංකල්ප පදනම් කරගත් උපාංග 3 ක් හඳුන්වා දෙයි

වාර්ෂිකව පැවැත්වෙන OPPO INNO Day වැඩසටහන මෙවරත් චීනයේ Shenzhen හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව OPPO පසුගියදා නිවේදනය කළේ ය.

මෙම වැඩසටහන ‘Leap into the Future’යන තේමාව යටතේ එළඹෙන නොවැම්බර් 17 වන දින පැවැත්වෙනු ඇත. ‘Internet of Experience’යුගයේ OPPO සතු නවතම සංකල්ප හා සොයාගැනීම් මෙහිදී ලොවට හඳුන්වාදීමට නියමිතය.

OPPO නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී ටෝනි චෙන් සහ උප සභාපති/ OPPO පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ලෙවින් ලියු මෙහිදී ප්‍රධාන දේශන සිදුකරනු ඇති අතර, එළඹෙන නව යුගය සඳහා ධඡඡධ සතු තාක්ෂණික දැක්ම හා ව්‍යාපාරික දර්ශනය අනාවරණය කරමින්, සංකල්ප මට්ටමේ පවතින නව නිෂ්පාදන 3 ක්ද හඳුන්වා දෙනු ඇත.

2019 වසරේදී ආරම්භ වූ OPPO INNO Day වැඩසටහන මේ වනවිට සමාගමේ ප්‍රමුඛතම වාර්ෂික වැඩසටහනක් බවට පත්වී තිබේ. එය වර්තමාන තාක්ෂණික ප්‍රවණතා පිළිබඳව අදහස් හුවමාරු කරගනිමින්, අනාගත තාක්ෂණයන් සඳහා ඇති ඉඩ ප්‍රස්ථා සාකච්ඡා කිරීමට මනා වේදිකාවක් සපයයි. මෙම වසර සඳහා මෙහි මූලික සංකල්පය Internet of Experience ලෙස මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත. Intelligent Connectivity යනු හුදෙක් පදනම පමණක් බවත්, අනාගතයේ යථාර්ථය වන්නේ Internet of Experience – එනම්, සරල සම්බන්ධතා වලට ඔබ්බෙන් පවතින සමස්තය – බවත් OPPO විශ්වාස කරයි.

මේ අතර, Flash Charging, 5G,Imaging සහ Software Optimization යන ක්ෂේත්‍ර යටතේ Smart Watch උපාංගයක්, 5G CPE උපාංගයක් සහ AR glasses වර්ගයේ උපාංගයක් හඳුන්වා දීමටද OPPO කටයුතු යොදා ඇත. එපමණක් නොව තවත් නවෝත්පාදන රාශියක් මෙවර උත්සවයේදී එළිදැක්වීමට සැලසුම් කර තිබේ.

OPPO INNO Day පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න: https://events.oppo.com/en/innoday2020/