අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති ලෙස සුරේෂ් ඩි මෙල් මහතා පත්කරයි

Lanka Fishing Flies (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරේෂ් ඩි මෙල් මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව සභාපතිවරයා ලෙසින් පත්කර තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා ඉකුත්දා එම තනතුරින් ඉවත් වූ අතර ඒ අනුව නව සභාපතිවරයා ලෙසින් සුරේෂ් ඩි මෙල් මහතා පත්කර ඇත.

ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ඩි මෙල් මහතා EcoWave (Gte) Ltd හා EcoWave Travels හි සභාපතිවරයා ද වෙයි.