OPPO වෙතින් උත්සව සමයේ පාරිභෝගිකයන්ගේ සතුට වෙනුවෙන් ‘O FAN FEST’

ලොව නිර්මාණශීලී ස්මාර්ට්ෆෝන් හා උපාංග සම්බන්ධ පුරෝගාමියා වන OPPO මෙවර උත්සව සමය වෙනුවෙන් ‘O FAN FEST’නමින් විශේෂ විනෝදාත්මක වැඩසටහනක් සංවිධානය කර තිබේ.

මේ දුෂ්කර කාලසීමාවේදී ශ්‍රී ලාංකිකයන්ගේ සිත්සතන් කුල්මත් කිරීම සඳහා සංවිධානය කරන මෙම වැඩසටහන යටතේ විනෝදාස්වාද ඉසව් වලට අමතරව, දෙසැම්බර් මාසය පුරාම OPPO නිෂ්පාදන රාශියක් සඳහා සුවිශේෂී වට්ටම්ද හිමිවනු ඇත.

එපමණක් නොව,‘O FAN FEST’තුළදී තවත් දීමනාවන් රාශියක් ලබාදීමටද සැලසුම් කර තිබේ. තරුණ පරපුරම අතර ජනප්‍රියම සන්නාමය බවට පත්වී ඇති OPPO එම විරුදාවලිය නැවතත් තහවුරු කරමින් කලා ලොව ජනප්‍රිය තරු වල සහභාගීත්වයෙන් මෙම සැණකෙළිය වර්ණවත් කිරීමට සූදානමින් සිටී.

නත්තල් දිනයට ආසන්නව පැවැත්වෙන මෙම සැණකෙළිය සඳහා ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ සහ ‘වස්ති’ You Tube නාලිකා කණ්ඩායමේ සාමාජිකයෙකු වන අනුෂ්ක උදාන සහභාගී වීමට නියමිත ය. මේ දෙදෙනාම සමාජ මාධ්‍ය වලට අතිශයින් ඇලුම් කරන නව පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය කලාශිල්පීහු වෙති.

‘O FAN FEST’සැණකෙළියට සහභාගී වන්නන්ට, එහිදී අසනු ලබන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම මගින් හෝ,‘O FAN FEST’ සම්බන්ධ සමාජ මාධ්‍ය Post වලට ‘#OFansFestival2020’ හෑෂ්ටැග් සමග comment කිරීමෙන් හෝ share කිරීමෙන් වටිනා ත්‍යාග දිනාගැනීමට අවස්ථාව ලැබේ.

මෙම සැණකෙළිය OPPO නිල සමාජ මාධ්‍ය නාලිකා හරහා විකාශය කෙරෙන නිසා, ඕනෑම කෙනෙකුට ලොව ඕනෑම තැනක සිට ඊට සහභාගී වීමට හැකිවනු ඇත.