BCI Campus උපාධි පිරිනමන ආයතනයක් බවට නිල වශයෙන් නිවේදනය කරයි

මීගමුව ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන බී.සී.අයි කැම්පස් (BCI campus) පසුගිය නොවැම්බර් 30 වැනි දින කොළඹ අගරදගුරු නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී සිය නව උපාධි පාඨාමාලාවන් හඳුන්වාදීමට කටයුතු කළේය.

මෙම මාධ්‍ය හමුව BCI ආයතනය ආරම්භ කළ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, BCI ආයතනයෙහි රෙක්ටර් පූජ්‍ය ක්වින්ටස් ප්‍රනාන්දු පියතුමා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති/අධ්‍යක්ෂක මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමූහ විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් නිමල් පෙරේරා මහතා, සහ BCI ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජික/ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ හිටපු දේශක, අර්ඞ්ලි පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

මෙම මාධ්‍ය හමුවේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2020 නොවැම්බර් 9 වැනි දින ප්‍රකාශ කරන ලද (2201/4) අති විශේෂ ගැසට් නිවේදනය හරහා BCI ආයතනය උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙසින් නිල වශයෙන් නම් කෙරී ඇති බව නිවේදනය කෙරිණි.

ඒ අනුව BCI ආයතනය විසින් දැන් ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධිය (Bachelor of Business Management (BBM) Hons) සහ තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය (Bachelor of Information Technology (BSc.) Hons) සිසුන් වෙත පිරිනමනු ලබන අතර එම පාඨාමාලා සඳහා ඇතුළත් වන පළමු සිසුන් කණ්ඩායම් සඳහා අධ්‍යයන කටයුතු 2021 ජනවාරි මසදී ආරම්භ කෙරෙනු ඇත.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පැමිණ සිටි මාධ්‍ය අමතමින් කියා සිටියේ BCI විශ්වවිද්‍යාලයේ මූලික අභිප්‍රාය ශ්‍රී ලාංකේය දරුපරපුර වෙනුවෙන් ඉහල ගුණාත්මක බවකින් යුතු උසස් මට්ටමේ විශ්වවිද්‍යාල අවස්තා ලබාදීම බවයි. මේ සඳහා BCI විශ්වවිද්‍යාලය ලාභ අභිප්‍රායෙන් තොර අධ්‍යාපන ආයතනයක් ලෙස කටයුතු කරන අතර එහි අරමුණ මූලිකවම තම සිසු දරුවන්ගේ කුසලතා, හැකියා වර්ධනය කොට ඔවුන් මනා වෘත්තිකයන්, පුරවැසියන් බවට පත්කිරීමයි.

මේ අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් BCI ආයතනයෙහි රෙක්ටර් පූජ්‍ය ක්වින්ටස් ප්‍රනාන්දු පියතුමා පැවසුවේ “විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධි ප්‍රදානය කරන අධ්‍යාපන ආයතනයක් බවට පත් වීම BCI ආයතනය මෙතෙක් පැමිණි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. BCI ආයතනය ආයතනය මීට වසර 6 කට පෙර ආරම්භ කරනු ලැබූයේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් හට ඒ සඳහා සුවිශේෂී ප්‍රවේශයක් ලබා දීම ඉලක්ක කරගෙනයි. ඔවුන්ගේ ශාස්ත්‍රීය/වෘත්තීයමය දැනුම හා දක්ෂතාවයන් වර්ධනය කරන අතරම සැබෑ මිනිසුන් ලෙස ඔවුන් තුළ උතුම් ගුණාංග වර්ධනය කිරීම ඒ සුවිශේෂී ප්‍රවේශයයි. රැකියා වෙළඳපොලේ වෙනස්වන අවශ්‍යතාවයන්ට සරිලන, නිවැරදි දැනුමෙන් සහ දක්ෂතාවයන්ගෙන් පමණක් නොව ඉහළ වටිනාකම්වලින් පිරිපුන් උපාධිධාරීන් බිහි කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ අනුව බලන කල BCI ආයතනය සමස්ත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහිම නව පිටුවක් පෙරලමින් සිටින බව පැවසීම නිවැරදියි”

BCI ආයතනය ආරම්භයේ සිට ගෙවුණු පසුගිය වසර 6 තුළ සිසුන් 17,200 කට අධික ප්‍රමාණයකට ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය සහ වෘත්තීයමය සුදුසුකම් පාඨාමාලා පවත්වමින් දැනුම් ලබා දී ඇති ආයතනයකි. ඊට අමතරව BCI ආයතනය විසින් මෑතකදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශිත පරිදි BRIDGE නමින් විශේෂ පූර්ව විශ්වවිද්‍යාල පාඨාමාලාවක්ද BCI ආයතනය විසින් මෑතකදී හඳුන්වා දෙනු ලැබිණි.

සිසුන් හට අධ්‍යාපනික අවස්ථාවන්ට වඩා යමක් ලබා දීමට උත්සාහ කරන BCI කැම්පස් ආයතනය, ලොව ඕනෑම තැනක, තමන් තෝරා ගත් වෘත්තිමය ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වයට පත්විය හැකි, වගකීම් සහගත, දැනුමින් හා ආත්ම විශ්වාසයෙන් පිරිපුන්, සදාචාරාත්මක උපාධාධාරීන් බිහි කිරීමට කැප වී සිටී. මෙ අපේක්ෂාව ජයගැනීම සඳහා BCI ආයතනය සතුව ඉහළ සුදුසුකම් ලත්, අධ්‍යාපන වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සිටින අතර ඔවුන්ගේ වසර ගණනාවක පළපුරුද්ද සහ ඉගැන්වීම සඳහා ඇති කැපවීම, හුදු පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනයක අත්දැකීමක් සිසුන් වෙත ලබා දීමට ඉවහල් වනු ඇත. මේ ආචාර්ය මණ්ඩලයට සහය වෙමින් සියළු, මෙහෙයුම් දක්ෂ හා කාර්යශූර ලෙස ඉටු කරන සහායක කාර්යණ්ඩලයද මෙහිදී සඳහන් කළ යුතුය.

සිසුන්ගේ සාර්ථකත්වයට අවශ්‍ය සියලු මෙවලම් හා උපාංග, තාක්ෂණය සහ සම්පත් සියල්ලෙන්ම පරිපූර්ණ නවීන පහසුකම් BCI ආයතනය සතුය. ඇත්ත වශයෙන්ම, BCI ආයතනයේ ගොඩනැගිලි සහ සමස්ත පරිසරයම ඉගෙනීම, සමාජශීලීත්වය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන සුන්දර පරිසරයක් බව එහි පිවිසෙන ඔබට දැකගත හැකි වනු ඇත. ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්, ඉතා අලංකාර ස්වාභාවික උද්‍යාන වලින් සහ හරිත පැහැයෙන් නොඅඩු මේ පරිසරය දැනුම හා පුද්ගල සංවර්ධනයට නිතැතින්ම රැකුල් දෙන්නකි.

උපාධි පාඨාමාලාවන් සඳහා සිසුන් ලියාපදිංචිය දැන් ආරම්භ වී ඇති බැවින් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීමට සහ BCI ආයතනයෙහි මේ පරිසරය ඔබේ දෑසින්ම දැකබලා ගැනීමට එහි පැමිණෙන ලෙස සිසුන් සහ දෙමාපියන් හට පාලක සභාව ආරාධනය කර සිටී. එසේ පැමිණිය නොහැකි සිසුන් හා දෙමාපියන් හට www.bci.lk වෙබ් අඩවියෙන් හෝ 031 2035100$070 6035100 දුරකතන අංක ඔස්සේ අප අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.