2020 ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයට නව්‍යකරණයන් හඳුන්වා දුන් සුවිශේෂී වසරක්

vivo සන්නාමය ප්‍රබල කැමරාවක්, නවෝත්පාදන අංග සහ ආකර්ෂණීය මෝස්තර කෙරෙහි සියලු දෙනාගේ ප්‍රසාදය දිනා ගත් ප්‍රමුඛ පෙළේ නව්‍යකරණයන් සඳහා ප්‍රසිද්ධ සන්නාමයකි.

වසර ගණනාවක් පුරා, vivo විසින් AI බලයෙන් ක්‍රියාත්මක වන Quad Cameras, In-Screen Fingerprint Scanners, HD Displays, Turbo Mode, Flash Charge වැනි පාරිභෝගිකයින්ට නව්‍ය අත්දැකීම් එක් කල තාක්ෂණික නවෝත්පාදන අංග ක්ෂේත්‍රයට ප්‍රථමයෙන්ම හඳුන්වා දෙනු ලැබීය.

vivo 2020 වසරේදී සිය නවතම V ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන පෙල තරුණ පරම්පරාවේ අවශ්‍යතා සවිබල ගන්වමින් විශිෂ්ඨ mobile technology සහ නව්‍ය විසඳුම් ලබා දෙමින් රැලි පිට රැලි නංවන්නට සමත් විය. මෙම V ශ්‍රේණිය mobile photography සහ ඡායාරූපයේ සූක්ෂ්මතාවයන් හොඳින් වටහා ගන්නා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ අවශ්‍යතාවන්ට සරිලන ආකාරයෙන් නිර්මාණය කර ඇත.

එසේම vivo යනු ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට සරිලන ගුණාත්මක බවින් ඉහළ නවෝත්පාදන සහිත සහ තරුණ පරම්පරාව සහ අනාගත ලෝකය උදෙසා නිෂ්පාදන දියුණු කරනු ලබන සන්නාමයකි.

ස්මාර්ට් ජංගම දුරකථන පරිශීලකයන්ගේ දෛනික ජිවිතයට නවෝත්පාදනයන් සහිත ස්මාර්ට් ජංගම දුරකථන එක් කරමින් vivo වසර ආරම්භ කල අතර ගනුදෙනුකරුවන්ගේ තීක්ෂණ බුද්ධිය පදනම් කරගෙන, vivo විසින් ඡායාරූප ලෝලීන්ට ප්‍රයෝජනවත් කැමරා කේන්ද්‍රීය අංග හඳුන්වාදෙනු ලැබීය. 

V ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථනවල ඉදිරිපස කැමරාව එහි ඔටුන්න හිමි රජුන් ලෙස හැඳින්විය හැකි අතර සියළුම ජංගම දුරකථන ඡායාරූප ශිල්පීන් සඳහා ප්‍රබල පසුපස කැමරා පද්ධතියක් ද එහි ඇතුළත් වේ.

මේ වසරේ දියත් කරන ලද vivo V19 හි ඔබේ ජිවිතයේ සුන්දරම අවස්ථා සටහන් කර ගැනීමට උසස්ම තත්ත්වයේ  48MP AI Quad Rear Camera, 8MP Ultra Wide-Angle Camera, 2MP Macro Camera සමඟ  2MP Bokeh Camera ක් ද ඇතුළත්ය. පරිපූර්ණ සෙල්ෆි ඡායා රුප අත්දැකීමක් සඳහා, vivo V19 32MP + 8MP Dual Front කැමරාවක් ඇතුළත් කර තිබේ.

AI Night Selfie Technology සහ Face Beauty Algorithms මගින් බල ගැන්වෙන Super Night Selfie Mode මෙහි අන්තර්ගතය. එමගින් food photography, wildlife photography, night photography හෝ ජීවිතයේ යම් යම් ප්‍රීතිමත් අවස්ථාවන් සටහන් කර ගැනීමට අවස්තාව සලසා දේ.

නවෝත්පාදන ඉතිහාසයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මේ වසරේ දී නව V20  ස්මාර්ට් ජංගම දුරකථන මාලාව vivo  හඳුන්වා දුන් අතර එය  ස්මාර්ට් ජංගම දුරකථනය සෙල්ෆි ලෝලීන්ට නව මානයන් රාශියක් සමගින් විචිත්‍රවත් ලොවකට මග විවර කළේය.

ආසන්න වස්තූන් සඳහා වේගවත් හා බුද්ධිමත් අවධානයක් යොමු කිරීම සඳහා vivo V20 හි Intelligent AF Tracking Technology ස්ථාපනය කර ඇත. දුර හා  බුද්ධිමත් AF ලුහුබැඳීමේ තාක්ෂණයකින් බල ගැන්වෙන 44MP Eye Autofocus තාක්ෂණය ද මෙහි ඇතුළත්ය. 64MP Main Camera + 8MP Multi-Function Camera + 2MP Mono Camera සමඟ ජීවිතයේ විශේෂ අවස්ථා විවිධාකාරයෙන් පටිගත කිරීමට එය ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නෙකුට උසස් පහසුකම් සපයයි.

එසේම tripod shooting, wide-angle night scenes සහ අඩු ආලෝකය සහිත දර්ශන මෙන්ම රාත්‍රී ඡායාරූපවල සිත් ඇදගන්නාසුළු දර්ශන සඳහාද එය සහාය වේ.

V ශ්‍රේණියේ ප්‍රමුඛතම flagship දියත් කිරීම වන vivo V20 SE මගින් නවීනතම කැමරා තාක්‍ෂණය හඳුන්වා දුන්නේය.  V20 SE හි නව්‍ය 32MP Super Night Selfie Camera සහ Aura Screen Light  සමඟින් රාත්‍රියේදී පවා පැහැදිලි හා දීප්තිමත් ඡායාරූප ලබා දෙයි. එසේම  48MP AI Triple camera හඳුන්වා දෙන අතර  එමඟින් ඡායාරූප ශිල්පීන්ට එහි සංකීර්ණ අංගයන්ගෙන් සිත් ඇදගන්නාසුළු හා පැහැදිලි රූප ලබා ගත හැකිය.

දිවා කාලයේ සිට රාත්‍රිය දක්වා Super Wide-Angle සහ Super Macro Mode සමඟ සෑම දෙයක්ම ඉතා සවිස්තරාත්මකව ග්‍රහණය කරගැනීමේ හැකියාව ඇත.

2017 දී vivo ස්මාර්ට් ජංගම දුරකථන ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අවස්ථාවේ සිට නව්‍යකරණයේ සිමා මායිම් තව තවත් පුළුල් කෙරිණි. vivo සිය ස්මාර්ට් ජංගම දුරකථන වල videography සහ photography බලගන්වන අතර ඡායාරූප ලෝලීන් සහ ශ්‍රී ලංකාවේ වැඩෙන අන්තර්ගත නිර්මාණකරුවන්ට සිය අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අද්විතීය ක්‍රම හඳුන්වා දෙයි.

එසේම vivo පරිශීලකයින්ට අසීමිත හැකියාවන් සහිත ලෝකයක් විවෘත කරලීම උදෙසා ඔවුන් තාක්‍ෂණික සංවර්ධන ක්‍රියාවලියේ නව මිණුම් දණ්ඩු නිරන්තරයෙන් සකස් කරයි.

ගෝලීය ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණ සමාගමක් ගෝලීය තාක්‍ෂණය හා දේශීය අවශ්‍යතාවන්ට සමගාමීව කැමරා තාක්‍ෂණයේ පරිපූර්ණ සංවර්ධනයක් උදෙසා කැපවීම දුර්ලභ කාර්යයකි. එහිදී අනාගතය යනු ස්මාර්ට් ජංගම දුරකථන කැමරාව වන අතර අනාගතයේ දී කැපී පෙනෙන උපාංගය බවට පත්වන්නේ වන්නේ vivo ස්මාර්ට් ජංගම දුරකතන බව සදහන් කල හැකිය.