අනාගත පරපුර බලගන්වන ‘සමපෝෂ දිනන දරුවෝ’, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අඛණ්ඩව

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් බහුතරයක් අතර පවතින පෝෂණ ඌනතාව, විශාල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වීමේ අවදානමක් මතුව තිබේ. එවන් පසුබිමක අනාගත පරපුරේ දැනුම සහ පෝෂණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන ‘CBL සමපෝෂ’ හඳුන්වා දුන් ‘සමපෝෂ දිනන දරුවෝ’ වැඩසටහන තවදුරටත් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පවත්වාගෙන යෑමට පියවර ගෙන තිබෙන්නේ දරුදැරියන්ගේ පෝෂණ අවශ්‍යතා කෙරෙහි ද දැඩි සැළකිල්ලක් යොමුකරමිනි.  

මෙරට ළමා පරපුරේ අභිවෘද්ධිය මුඛ්‍ය වගකීමක් කොට සලකන ‘CBL සමපෝෂ’ , සිය සමපෝෂ ෆේස්බුක් පිටුව (https://www.facebook.com/samaposha.lk/) හරහා මෙම ඩිජිටල් වැඩසටහන ඉදිරිපත් කරයි.

‘සමපෝෂ දිනන දරුවෝ’ සුපුරුදු වැඩසටහන් මාලාවේ නවතම කොටස් ද සමපෝෂ ෆේස්බුක් පිටුව හරහා නැරඹිය හැකි අතර දරුවන් තුළ හොඳ පුරුදු වර්ධනය කිරීම ද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි.

එමෙන්ම වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු යහපත් සෞඛ්‍ය පුරුදු ආදිය මෙන්ම, කුඩා දරුවන්ට සහ දෙමාපියන්ට එක්ව කළ හැකි ක්‍රියාකාරකම් ද මෙම වැඩසටහනේ හරහා ඉදිරිපත් කිරීම කැපී පෙනේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් CBL ආහාර අංශයේ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ජයංග පෙරේරා මහතා පැවසුවේ, වසංගත තත්ත්වය හමුවේ දැයේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙම ඩිජිටල් වැඩසටහන ක්‍රියාත්මක කරන බව ය.

අපි ඩිජිටල් මාධ්‍ය හරහා මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමට ආරම්භ කළ අවස්ථාවේ පටන් දෙමාපියන්ගෙන් සහ දරුවන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. දරුවන්ට නිවසේ රැඳී සිටින කාලය වඩාත් ඵලදායීව භාවිත කරමින් නව දැනුම සොයා යාමට, විනෝදාත්මක ක්‍රියාකාරකම්වල නිරත වීමට වගේම ත්‍යාග දිනාගැනීමටත් මේ හරහා අවස්ථාව උදා වී තිබෙනවා” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.