යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම Floor Cleaner හා surface spray නිෂ්පාදනයන් හඳුන්වාදෙයි

නිවසේ විවිධ මතුපිට ඇති විෂබීජ Germ magnet තාක්ෂණය මඟින් 99.9% ක් විනාශ කරයි.

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා එහි විශ්වසනීය ගෘහස්ත පිරිසිදුකාරක වෙළෙඳනාමය වන Vim සන්නාමය යටතේ Floor Cleaner හා surface spray කාණ්ඩය හඳුන්වාදුන් බව නිවේදනය කරන ලදී. ලංකාව පුරා පාරිභෝගිකයන් සනීපාරක්ෂාව සහ පවුලේ ආරක්ෂාව පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන අවස්ථාවේදී මෙම නිෂ්පාදන පෙළ හඳුන්වාදීම තුළින් ලාංකේය ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ඉහළ නැංවීම වෙනුවෙන් යුනිලිවර්හි කැපවීම වඩාත් අරුත් ගන්වනු ලබයි.

Vim Floor Cleaner හා surface spray මඟින් සෙරමික්, ලෝහ, වීදුරු, ග්‍රැනයිට් හා සිමෙන්ති වැනි මතුපිට මත ඇති කුණු හා පැල්ලම් ඉවත් කරන අතර Germ magnet සමඟින් විෂබීජ 99.9% ක් විනාශ කරන නිසා විෂබීජ හේතුවෙන් ඇතිවන රෝගයන්ගෙන් ආරක්ෂා කිරීමද සිදු කරනු ලබයි. මෙය භාවිතයට සුදුසු pH අගයකින් හා 100% ක් දිරාපත් වන සංයෝගයකින් සුසැදි නිෂ්පාදන පෙළකි. මෙම නිෂ්පාදන පෙළ 100% ක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඇසුරුමකින්ද යුක්ත වේ. එසේම කුඩා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන අයුරින් ඔවුන්ට විවෘත කළ නොහැකි ආකාරයෙන් නිෂ්පාදනය කර ඇති ඇසුරුම හේතුවෙන් නිවසේ ආරක්ෂාවද ඉහළ නංවනු ලබයි. මිලිලීටර් 200 සහ මිලිලීටර් 500 බෝතල් ලෙස විවිධ ප්‍රමාණයන්ගෙන් යුතුව හඳුන්වා දී ඇති Vim Floor Cleaner රුපියල් 105/= කට සහ රුපියල් 190$-කට මිලදීගත හැකිය. මිලිලීටර් 475 බෝතල් ලෙස වෙළෙඳපොලට හඳුන්වා දී ඇති surface spray නිෂ්පාදනයක මිල රුපියල් 330/= කි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ යුනිලිවර් ශ්‍රී ලංකාහි Home Care, Food, Refreshment and Water පිළිබඳ අලෙවිකරණ අධ්‍යක්ෂිකා ශර්මිලා බණ්ඩාර මහත්මිය “පරම්පරා ගණනාවක් පුරා ගෘහණියන්ගේ විශ්වාසය දිනාගත් සන්නාමයක් ලෙස Vim හඳුන්වා දිය හැකියි. Vim රට පුරා පිරිසිදු මුළුතැන්ගෙයක් හිමිකර දීම වෙනුවෙන් උපකාරී වන ප්‍රමුඛතම නිෂ්පාදනයක් ලෙසද පෙන්වා දිය හැකියි. Vim සන්නාමය යටතේ Floor Cleaner සහ surface spray හඳුන්වාදීම තුළින් අපගේ ජීවිතයේ වැදගත් මෙන්ම විශ්වසනීයම ස්ථානය වන නිවසේ ආරක්ෂාව තහවුරු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සනීපාරක්ෂාව පිළිබඳ අන් කවරදාටත් වඩා සැළකිලිමත් වන මෙවන් කාලයක සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ සහතිකයක් අපගේ පාරිභෝගිකයන්ට ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි.” යනුවෙන් පවසා සිටියාය.

යුනිලිවර් ශ්‍රී ලංකාහි සැපයුම්දාම අධ්‍යක්ෂ ජෙරාඩ් ඉරුදයරාජ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ “අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව උසස් තත්වයේ නවෝත්පාදන හඳුන්වාදීම අපගේ නිෂ්පාදන සාර්ථකව ඉදිරියට යාමට හේතු වී තිබෙනවා. මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සැළකිය යුතු ආයෝජනයන් සිදු කිරීම මඟින් අප හා බැඳුණු පාර්ශව ගණනාවකට විශේෂ ප්‍රතිලාභ රැසක් හිමිව තිබෙනවා. Vim Floor Cleaner සහ surface spray හඳුන්වා දීම තුළින් ඍජු හා වක්‍ර රැකියා අවස්ථාවන්ද උත්පාදනය කර ඇති අතර නව තාක්ෂණයන් හා ක්‍රියාවලීන් පිළිබඳ අපගේ ගෝලීය දැනුම හවුල්කරුවන් සමඟ බෙදා ගැනීමටත් ඒ තුළින් ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීමටත් අපට හැකිවී තිබෙනවා.” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකාහි Nutrition,Home & Hygiene පිළිබඳ අංශ ප්‍රධානී මිලින්ද වීරසිංහ මහතා “අප සෑම විටම උත්සාහ කරන්නේ පාරිභෝගික අවශ්‍යතාවන් ඉටු කිරීම වෙනුවෙන් නවතම නිෂ්පාදන හඳුන්වාදීමට පමණක් නොව, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනය අපගේ පාරිභෝගිකයන්හට දැරිය හැකි මිලකට ලබා දී ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමටයි. එහෙයින් Germ magnet තාක්ෂණය සමඟින් විෂබීජ 99.9% ක් විනාශ කරන Vim Floor Cleaner සහ surface spray හඳුන්වා දීම තුළින් විෂබීජවලින් තොර ආරක්ෂාකාරී නිවසක් උරුම කර දීමට ලැබීම පිළිබඳව අප ඉතා සතුටට පත් වනවා.” යනුවෙන් පවසා සිටින ලදී