Unilever ශ්‍රී ලංකා අඛණ්ඩව 9 වෙනි වරටත් හොඳම සේවා යෝජකයා බවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන Unilever ශ්‍රී ලංකා නීල්සන් ආයතනය විසින් පසුගියදා සිදු කරන ලද විශ්වවිද්‍යාල සමීක්ෂණයක් තුළින් අඛණ්ඩව 9 වැනි වරටත් මෙරට හොඳම සේවා යෝජකයා බවට නම් කරනු ලැබීය.

රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි කළමනාකරණ, විද්‍යා හා ඉංජිනේරු පීඨ ඇතුළු සියලු පීඨවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් අතර ඔවුන් කැමති සේවා යෝජකයන් පිළිබඳ සමීක්ෂණය වාර්ෂිකව සිදු කරනු ලබයි. එහිදී විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සමාගම සමඟ සමීපව කටයුතු කිරීම, ලබා දී ඇති වෘත්තීය අවස්ථා, උපාධි පාඨමාලාවන් වෙනුවෙන් සිදු කර ඇති සුවිසල් ආයෝජන සහ සමාගම් හා ඔවුන්ගේ අනාගත අරමුණු අතර සමානතා යනාදී කරුණු පදනම් කර ගනිමින් ලකුණු ලබා දුන් අතර එහිදී Unilever ශ්‍රී ලංකා වෙත ඉහළම ලකුණු හිමි විය.

මෙම ඇගයීම තුළින් තරුණ නායකයින්ට ඔවුන් සිදු කරන වැඩ කටයුතු තුළින් ඔවුන්ගේ අරමුණු පෝෂණය කිරීමට සහ ඒකාකාරී මනසකින් යුතුව කටයුතු කිරීමට අවස්ථාව ලබාදීමේ Unilever ශ්‍රී ලංකාහි කැපවීම තව දුරටත් සවිමත් කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Unilever ශ්‍රී ලංකාහි සභාපතිනි හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය සඳහන් කර සිටියේ “Unilever ආයතනය තුළ මෙන්ම ශ්‍රී ලංකාව තුළද කුසලතා සංවර්ධනය පිළිබඳ අපි තරයේ විශ්වාසය තබා තිබෙනවා. දක්ෂතාවයන් මැණික් මෙන් එක් වරක් දැමූ පමණින් බැබැළෙනවා. ඔවුන් පුබුදුවාලමින් හෙට දවසේ නායකයන් බවට පත් කිරීමේ වැදගත්කම හඳුනාගැනීම ආයතනික පුරවැසියකු ලෙස අපගේ වගකීමක්. අනාගත රැකියා වෙළෙඳපොල අවශ්‍යතාවන් සඳහා ගැළපෙන විශ්වවිද්‍යාල කුසලතාවන් තුළින් වඩා බලපෑම් සහගත ඉගෙනුම් අවශ්‍යතා නිර්මාණය කිරීමෙන් අධ්‍යයන ආයතනයන්ට මෙන්ම විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට සහාය වීමට අපි කැපවී සිටිනවා.” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ Unilever ශ්‍රී ලංකාහි මානව සම්පත් අධ්‍යක්ෂිකා අනන්‍යා සභාර්වල් මහත්මිය “කාලය සමඟ නැවතත් හොඳම සේවා යෝජකයා ලෙස පිළිගැනීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. Unilever ශ්‍රී ලංකා ලෙස හෙට දවසේ නායකයින් බිහි කිරීම කෙරෙහි අප බොහෝ සෙයින් කැපවනවා. Unilever වෘත්තියක් මඟින් ලබාදෙන සංවර්ධන අත්දැකීම් හඳුනාගනිමින් ඒවා අගය කිරීමට ලක් කරන බැවින් විවිධ මට්ටම්වල සිටින අපගේ සේවක ප්‍රජාව බොහෝ විට අපව නායකත්ව විශ්වවිද්‍යාලයක් ලෙස හඳුන්වනු ලබනවා. විවිධත්වය හා අන්තර්ගත අගය කරනු ලබන පරිසරයක් ඇති කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ කරන අතර ඔවුන්ගේ සුවිශේෂී අරමුණු සොයා ගැනීමට හා ඔවුන්ගේ යහපැවැත්ම සඳහා ආයෝජනය කිරීමට සේවකයන් දිරි ගන්වන සංස්කෘතියක් අප විසින් නිර්මාණය කරමින් තිබෙනවා. සිසු සිසුවියන් සඳහා වන අපගේ විශ්වවිද්‍යාල වැඩසටහන් තුළින් මෙම සියලු දේ ප්‍රදර්ශනය වන අතර කුසලතා ආකර්ෂණය කර ගැනීමේ හා සංවර්ධනයේ හොඳම භාවිතයන් ලෙස අපගේ මැදිහත්වීම ඇගයීමට ලක් කිරීම පිළිබඳව අපගේ ස්තුතිය පුද කර සිටිනවා. අපගේ අරමුණ වඩා හොඳ ව්‍යාපාරයක් හා වඩා හොඳ ලෝකයන් වෙනුවෙන් අනාගත නායකයින් ලෙස ශක්තිමත් හා සාර්ථක විය හැකි මිනිසුන් ගොඩනැගීම සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමයි.” යනුවෙන් පවසා සිටියාය.

Unilever ශ්‍රී ලංකා මෙරට ඉහළම දක්ෂතාවයන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් නව වැඩසටහන් රැසක් නිර්මාණය කර ඇති අතර යුනිලිවර් ශිෂ්‍ය තානාපති වැඩසටහන වන ස්පාර්ක්ස් (SPARKS) තුළින් ඔවුන්ගේ විශ්වවිද්‍යාලය තුළ Unilever තානාපතිවරුන් වීමට ඔවුන්ට ආරාධනා කරනු ලබයි. Unilever හෙට දවසේ නායකයින්ගේ වැඩසටහන, Unilever නායකත්ව සීමාවාසික වැඩසටහන, Unilever අභියෝගය, කාර්මික පුහුණු වැඩසහන, ඊළඟ පරම්පරාවේ පාරිභෝගික සංවර්ධන සීමාවාසික වැඩසටහන මේ ආකාරයෙන් Unilever සමඟ සම්බන්ධ විය හැකි ප්‍රධාන මාර්ගයන් වේ. එසේම Unilever විසින් ආරාධිත දේශන, ඉගැන්වීම් සැසි සහ කර්මාන්ත නිරාවරණ මැදිහත්වීම වැනි වැඩසටහන් හරහා සිසු සිසුවියන් 9000ක් වෙත සමීප වීම වෙනුවෙන් විශ්වවිද්‍යාල කේන්ද්‍ර කොටගත් ව්‍යාපෘති සහ ගිවිසුම් වැඩසටහන් රාශියක් දියත් කොට ඇත. Unilever පසුගිය වසර 7ක කාලය පුරා යෞවන සංසදයේ සත්කාරකත්වය දරනු ලබූ අතර මේ වසරේ එම සංසදය සිසු සිසුවියන් 400කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.