සම්පත් බැංකුව, ලක්ෂපති ෂුක්රාගේ ලැප්ටොප් සිහිනය සැබෑ කරයි

සම්පත් බැංකුවේ කළමනාකරු - සන්නාම අලෙවිකරණය ලසිත සුරවීර මහතා විසින් ෂුක්රා මුනව්වර් ශිෂ්‍යාව වෙත ලැප්ටොප් පරිගනකය ලබා දෙමින්.

සම්පත් බැංකුව, සිරස ලක්ෂපති වැඩසටහන තුළින් ලෝකයක් හඳුනාගත් ෂුක්රා මුනව්වර් දියණියගේ ලැප් ටොප් සිහිනය සැබෑවක් බවට පත් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඒ ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන වටිනා ලැප්ටොප් පරිගනකයක් ඇය වෙත හිමිකර දෙමිනි. සම්පත් බැංකුවේ කළමනාකරු – සන්නාම අලෙවිකරණය ලසිත සුරවීර මහතා විසින් ඇයගේ පාසලේ පවත්වන ලද පිළිගැනීමේ උත්සවයකදී එම ලැප්ටොප් පරිගනකය ෂුක්රා මුනව්වර් වෙත ලබා දෙන ලදී.

ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේ පදිංචි ෂුක්රා මුනව්වර් ගාල්ල සුදර්මා විද්‍යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි ශිෂ්‍යාවකි. 2022 වසරේ වාණිජ අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානමින් සිටින ඇය පසුගිය කාලය තුළ බලවත් අසීරුතාවයකට ලක් වූයේ ඔන්ලයින් ඉගෙනීම සඳහා ලැප්ටොප් පරිගනකයක් නොමැති වූ හෙයිනි. ලක්ෂපති වැඩසටහන සමඟ ඇය සම්බන්ධ වන්නේ තමන්ටම කියා ලැප්ටොප් පරිගනකයක් ලබා ගැනීමට මුදල් සොයා ගැනීම වෙනුවෙනි. එම වැඩසටහනෙහි පළමු දිනයේම මුළු රටේම අවධානය දිනාගත් ඇය පසුගියදා රුපියල් මිලියන 2ක සුපිරි ත්‍යාගය ජයගනු ලැබුවේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආශිර්වාදයද සමඟිනි.

ලක්ෂපති වැඩසටහනෙහි නිළ බැංකුකරු ලෙස කටයුතු කරන සම්පත් බැංකුව මෙම වැඩසටහන් ඉතිහාසයේ ප්‍රථම වරට සම්පත් විශ්ව ඔන්ලයින් මුදල් හුවමාරු සේවාව හරහා තරඟකරුවන් ජයග්‍රහණය කරන මුදල් ඒ මොහොතේම ජයග්‍රාහකයන්ගේ ගිණුම් වෙත මාරු කිරීමට අවශ්‍ය දායකත්වය සපයනු ලබයි. සම්පත් විශ්ව යනු තොරතුරු තාක්ෂණයේ පුරෝගාමියකු වන සම්පත් බැංකුව විසින් හඳුන්වාදෙනු ලැබූ විප්ලවීය ඔන්ලයින් බැංකු සේවාවයි. හැකියාවෙන්, දක්ෂතාවයෙන් පමණක් නොව බුද්ධියෙන්ද පරිපූර්ණ ෂුක්රා මුනව්වර්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අත්‍යාවශ්‍ය වන ලැප්ටොප් පරිගනකයක් ඇය වෙත ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කරනු ලැබුවේ ‘අපේ සම්පත්’ නිරන්තරයෙන් ඇගයීමට ලක් කරන බැංකුවක් බව නැවත නැවතත් පසක් කරමිනි. එහෙයින් ඇය දිනාගත් රුපියල් මිලියන 2ක මුදලින් කොටසක් ලැප්ටොප් පරිගනකයක් වෙනුවෙන් වැය කිරීමට ඇයට සිදු නොවනු ඇත.

ජාතියේ අනගාතය වෙනුවෙන් නව්‍යකරණ බැංකු විසඳුම් තුළින් ගනුදෙනුකරුවන් හට ඉමහත් පහසුවක් අත්කර දී ඇති සම්පත් බැංකුව තාක්ෂණයෙන් ඉහළ ඩිජිටල්කරණ බැංකු සේවාවක් ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන් වෙත ගෙන යාමට කටයුතු කරමින් සිටියි. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ බැංකුකරණ අවශ්‍යතාවන් වෙනුවෙන් නම්‍යශීලී මෙන්ම කඩිනම් විසඳුම් ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන සේවාවන් ක්‍රියාත්මක කිරීමටද සම්පත් බැංකුව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. සමාජ සත්කාරක සේවාවන් තුළින් සුවහසක් ලාංකිකයන්ට ශක්තියක් වී ඇති සම්පත් බැංකුව මෙම ලැප්ටොප් පරිගනකය ලබා දීම තුළින් ෂුක්රා මුනව්වර්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මෙන්ම ඇය අපේක්ෂා කරන ජීවිත ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට ඉමහත් ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි.