“අපිට අවශ්‍ය වාහනේ ගන්න හොදම තැන රියසක්වල”

කොවිඩ් – 19 වසංගත තත්ත්වය මත වසරක පමණ කාලයක් තිස්සේ පනවා ඇති ආනයන සීමා හේතුකොටගෙන බ්‍රෑන්ඩ් නිව් වාහන මෙරට තුළ විකිණීමට නොතිබුණද හොද තත්ත්වයේ ලියාපදිංචි වාහනයක් මිලදී ගැනීමට වර්තමානයේ ප්‍රසිද්ධ සහ පිළිගත් ස්ථානය බවට රියසක්වල පත්වී තිබේ.

වාහන සහ වාහන කර්මාන්තයේ මෙරට ප්‍රමුඛයා ලෙස වසර 40කට අධික විශ්වසනීය නමක් හිමිකර ගෙන සිටින ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි අනුබද්ධිත ලියාපදිංචි වාහන අලෙවි කිරීමේ ආයතනය වන රියසක්වල මේ වන විට ලියාපදිංචි කළ මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ පමණක් නොව මෝටර් රථ, කුඩා ට්‍රක් රථ ඇතුළු ඕනෑම වර්ගයක රෝද හතරේ වාහන අලෙවියේද ප්‍රමුඛයා බවට පත් වී ඇ.ත.

රියසක්වල සුවිශේෂත්වය වන්නේ වාහන මිලදී ගැනීම පමණක් නොව ආකර්ෂණීය මිලකට තම වාහනය විකුණා ගැනීමට මෙන්ම තමන් කැමති වෙනත් වාහනයකට හුවමාරු කිරීමේ පහසුකම්ද එහි සලසා තිබීමයි.

වාහනයක් විකිණීමට පැමිණෙන පාරිභෝගකයින්ට ගනුදෙනුව අවසානයේදී එවලේම අතට මුදල් පිරිනැමෙන අතර රියසක්වල හරහා සිදු කෙරන සියලු ගනුදෙනුවකම විනිවිදභාවය උපරිමයෙන් ආරක්ෂා කෙරනු ලැබේ.

දිවයින පුරා පිහිටා ඇති රියසක්වල ශාඛාවලින් පමණක් නොව ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ප්‍රදර්ශනාගාරවලින් සහ සමාගමේ ඩීලර්වරුන් හරහාද ඔබට අවශ්‍ය වාහනය රියසක්වල වෙතින් තෝරා ගැනීමට දැන් පාරිභෝගිකයින්ට හැකියාව ඇත.

රියසක්වල වෙතින් වාහන මිලදී ගැනීමේ අත්දැකීම පිළිබදව පසුගියදා ත්‍රිරෝද රථයක් මිලදී ගත් වයි. ඩබ්. මකුලොළුව මහතා මෙසේ පැවසුවේය.

“මම ත්‍රීවීල් එකක් ගන්න හැම තැනටම ගියා. අන්තිමට තමයි මම රියසක්වලට ආවෙ. එතෙන්ට ආපු වෙලාවෙ මට හිතුනා මුලින්ම මෙතෙන්ට ආව නම් හරි කියල.”

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ලියාපදිංචි ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා අයට හොදම තැන රියසක්වල වන බවයි. තම කැමැත්ත පරිදි තෝරා ගැනීමට ඕනෑ තරම් වාහන රියසක්වල පරිශ්‍රයේ ඇති බැවින් තම හිතේ තියෙන වාහනය එහිදී සොයා ගත හැකි බවත් ඔහු කියා සිටියේය.

“ඇත්තටම ත්‍රීවීල් එකක් ගන්නවනම් හොදම තැන රියසක්වල. වගකීමක් තියෙනව. සර්විස් එකත් ඉතාම ප්‍රශංසනීය විදියට ලබා දුන්න. ආපු ගමන් මගේ වැඩේ කරල දුන්න. ඇත්තටම හොද තැනක්,” යැයි මකුලොළුව මහතා වැඩි දුරටත් කියා සිටියේය.

බත්තරමුල්ලේ පිහිටි රියසක්වල ප්‍රධාන ශාඛාවට කිරුලපන සිට ජී. රණසිංහ මහතා පැමිණ පසුගියදා ත්‍රිරෝද රථයක් මිලදී ගනිමින් ලැබූ අත්දැකීම පිළිබදව අපි විමසූ විට ඔහු මෙසේ අපට පිළිතුරු දුන්නේය.

“මම කිරුලපන ඉදල බත්තරමුල්ලෙ රියසක්වලට ආවෙ මෙතන මට හොදටම විශ්වාස නිසා. මම මුල ඉදලම පාවිච්චි කළේ බජාජ් වාහන. ඒක නිසා තමයි මම රියසක්වලට ආවෙ. මේ මහත්තුරු මට හොද වාහනයක් දුන්න. ඒකෙ තිබිච්ච අඩුපාඩු මට ඕන විදියට හදල දුන්න. අනිත් පාරිභෝගිකයින්ටත් කියන්නෙ මේ වගේ තැනකට ඇවිල්ල හොද වාහනයක් බලල ගන්න කියල. අනිත් තැන්වලට වැඩිය මෙතන හොදටම විශ්වාසයි.”

රියසක්වල වෙතින් වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට තමා මිලදී ගන්නා වාහනයට මූල්‍ය / ලීසිං පහසුකමක් අවශ්‍ය නම් එම පරිශ්‍රයේදීම ඇසට්ලයින් ලීසිං වෙතින් එය ඉටු කර ගැනීමේ පහසුවද හිමිවේ. එපමණක් නොව රථවාහන රක්ෂණය තමා කැමතිම සමාගමකින් එවලේම එම ස්ථානයෙන් ලබා දීමට ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් කටයුතු කරයි.

රියසක්වල විසින් අලුත්වැඩියා කර ඇති ලියාපදිංචි වාහන සදහා බජාජ් ජෙනුයින් අමතර කොටස් පමණක්ම යොදාගෙන ඇති අතර DPMC පාර්ට්ස් අවුටලට් වෙතින් පාරිභෝගිකයාට අවශ්‍ය බජාජ් ජෙනුයින් අමතර කොටස් ලබා ගැනීමේ හැකියාවද ඇත. එසේම යම් කිසි වාරිභෝගිකයෙකුට අවශ්‍ය නම් තමාගේ බජාජ් වාහනය DPMC වර්ක්ෂොප් වෙතින් රීකන්ඩිෂන් කර ගැනීමේද පාරිභෝගිකයාට අවස්ථාව තිබේ.

දිවයින පුරා පිහිටි රියසක්වල ශාඛා රජයේ නිවාඩු දිනවල හැර සතියේ සෑම දිනකම විවෘතව පවතී.
රියසක්වල වෙතින් වාහනයක් මිලදී ගැනීමට, විකිණීමට හෝ හුවමාරු කර ගැනීමට අවශ්‍ය නම් වැඩි විස්තර 0114700600 දුරකථන අංකයෙන් හෝ www.riyasakwala.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here