ඔප්ටිමල් ෆින්ගර්ටිප් ස්පන්දන ඔක්සි මීටර හැටක් (60) පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන් සීග්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනනයේ සහ සිරියාවේ කිහිප දෙනෙකුගේ සහාය ඇතිව විදේශ අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකාවට ප්‍රශස්ත ඇඟිලි තුඩු ස්පන්දන ඔක්සිමීටර 60ක් පරිත්‍යාග කළේය.

ඒ මෙම යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන රජයේ රෝහල්වල රෝගීන්ට උපකාර කිරීම සඳහාය.


මෙය 2021 වෙසක් පොහොය නිමිත්තෙන් පරිත්‍යාග කරන ලදි.

ශ්‍රී ලංකා ලෙබනනයේ තානාපති කාර්යාලයේ තානාපතිනි ගරැ ශානි කල්‍යාණරත්න මැතිණිය, තනාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිරියා ශ්‍රි ලංකා ගරු කොන්සල් ආචාර්ය එම්. මුසම්මාල් අල් ඩෲබී මහතා සහ සම්මේන් අල් ඩෲබී මහත්මිය, කාන්ති සිල්වා මහත්මිය, රත්නදීප ජාත්‍යන්තර විගමනික මණ්ඩපයේ සභාපතිනිය කුසූම් කොඩිකාර මහත්මිය, රත්නදීප ජාත්‍යන්තර විගමනික මණ්ඩපයේ විධායක අධ්‍යක්ෂක නූවන් චාරක මහතා යන අය විසින් තමන්ගේ ධන පරිත්‍යාගයන් මේ ඇඟිලි තුඩු ස්පන්දන ඔක්සිමීටර 60 ක් ලබාදී ඇත.