පාපන්දු කණ්ඩායම දකුණු කොරියාවට යයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන ආසියානු කලාපීය වටයේ දෙවැනි අදියරේ තරග සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (31දා) දකුණු කොරියාව බලා දිවයිනෙන් පිටත්වයාමට නියමිතව ඇත. සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩකයන් 22කින් සමන්විත සංචිතයක් මේ සඳහා නම්කර ඇත.

තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය ජුනි මස 05 වැනිදා පෙ.ව. 11.30ට ලෙබනනය සමඟින් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය ජූනි මස 09 වැනිදා ප.ව. 4.30ට සත්කාරක දකුණු කොරියාව සමඟින් පැවැත්වේ. මෙම තරග ද්විත්වයම ගෝයාංහි ගෝයාං ක්‍රීඩා සංකීරණයේදී පැවැත්වේ.

මෙම තරග පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට අමතරව 2023 වසරේ චීනයේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග ලෙසද පැවැත්වේ.

දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි වේ.

ක්‍රීඩක සංචිතය

ඩබ්.එස්.ටී.ඩී. සුජාන් පෙරේරා (නායක), එල්.එච්. කවින්දු ඉෂාන් (උපනායක), අහ්මඩ් වසීම් රසීක් (උපනායක), එච්.එම්. ප්‍රබාත් රුවන් අරුණසිරි, ආර්.පී. දනුෂ්ක, කේ.එන්. හර්ෂ ප්‍රනාන්දු, ඒ.ඒ.එස්. රොෂාන් අප්පුහාමි, යු.එච්.ඩී. චමෝද් දිල්ෂාන්, බී.එම්. චරිත බන්ඩාර රත්නායක, වයි. ඩක්සන් පස්ලස්, ආර්.ඒ. චතුරංග මධුෂාන්, මර්වින් හැමිල්ටන් – ඔමෝලෙ, එම්. චලන චමීර, එස්. ජූඩ් සුපාන්, එම්.එම්. මොහොමඩ් මුස්තාක්, එම්.එන්. මොහමඩ් ෆසාල්, ඩිලන් සේනන් ද සිල්වා, එම්.එෆ්. මොහොමඩ් අකිබ්, එම්.ඒ. අසිකූර් රාහුමන්, එම්.ඒ. මොහමඩ් හස්මීර්, එස්. සුපුන් ධනංජය, එම්.ජේ. රිෆ්කාන් මොහොමඩ්

නිළධාරීන්

අමීර් ඇලජික් (ප්‍රධාන පුහුණුකරු), අසීෆ් අන්සාර් (කළමනාකරු), අමීර් ඩොක්සානල්ටික් (සහය පුහුණුකරු), එම්.ආර්.එෆ්. ජයසූරිය (කණ්ඩායම් වෛද්‍ය), ටී.එම්.අයි.ටී. මධුවන්ත බණ්ඩාර (මාධ්‍ය නිලධාරී), එම්. ඊසා රාධී ඉබ්‍රාහිම් (තාක්‍ෂණික නිළධාරී), ජී.ආර්. අශාන් චතුරංග ගම්ලත් (යෝග්‍යතා පුහුණුකරු), වයි.වී.ඒ. සංඛ ජයමිනා විදනාරච්චි (කාර්ය සාධන විශ්ලේෂක), මුහිසීන් අබ්දුල් බාර්සිත් (භෞත චිකිත්සක), ප්‍රිතිකා ජීවන කල්දේරා (සම්භාහක), ඒ. රොෂාන් ප්‍රදීප් (Kitman)