2024 වර්ෂය සඳහා වෙරළ වොලිබෝල් කාන්තා කණ්ඩායම සඳහා අනුග්‍රහය දැක්වීමට ජාතික ඔලිම්පික් කමිටුව එකඟ වෙයි

ජාතික ඔලිම්පික් කමිටුව මෙම එකඟතාවය පල කරන ලද්දේ පසුගියදා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ජාතික ඔලිම්පික් කමිටුව අතර පසුගියදා ඔලිම්පික් නිවහනේ පැවති විශේෂ සාකච්ජාවකදී ය. මීට අමතරව මෙරට ජාතික ක්‍රීඩා වන වොලිබෝල් ක්‍රීඩාව නැංවීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට එකඟතාවය පලකරන ලදී.

මෙම සාකච්ජාව සඳහා ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් එහි සභාපති සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් මහතා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා හා එහි ලේකම් ඒ.එස්.නාලක මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් ද ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා  මහතා ද zoom තාක්ෂණය ඔස්සේ සහභාගී විය.