ජයග්‍රාහකයන්ට ලබා දෙන මෝටර් රථ අයිඩියල් මෝටර්ස් වෙතින් ජාතික ලොතරැයි මණ්ඩලයට භාරදෙයි

අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාලක වේහැල්ල මහතා විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වෙත mahindra kuv100 next මෝටර් රථ බාරදුන් අයුරු

ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් අලෙවි කරනු ලබන සම්පත ලග්න වාසනා ලොතරැයියේ සුපිරි ත්‍යාගයට අමතරව ලබා දෙන මෝටර් රථ ජයග්‍රහකයන් වෙත ලබාදීම සඳහා අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් එම රථ ජාතික ලොතරැයි මණ්ඩලය වෙත පසුගියදා භාර දෙනු ලැබීය.

ඒ අනුව සම්පත ලග්න වාසනා ලොතරැයියේ මුල් අදියරේ ජයග්‍රාහකයන්ට ලබාදීමට නියමිත දින රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා mahindra kuv100 nxt මෝටර් රථ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී එහි සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වෙත අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මාලක වේහැල්ල මහතා විසින් නිල වශයෙන් භාර දෙන ලදී.

ඉන්දියාවේ මහින්සද්‍රා. ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ පූර්ණ දායකත්වයෙන් අයිඩියල් ව්‍යාපාර සමූහය එක්ව ආරම්භ කරන මහින්ද්‍රා අයිඩියල්  ලංකා සමාගම 2019 වර්ෂයේ දී කළුතර දිස්ත්‍රික්කය වැලිපැන්න ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් mahindra kuv100 next මෝටර් රථය දේශීය කොටස් ද එකතු කරමින් මෙරට මෝටර් රථ එකලස් කිරීම ආරම්භ කරන ලදී.

මේ වන විට mahindra kuv next මෝටර් රථය රට පාරිභෝගිකයන් අතර ඉමහත් ජනප්‍රියට පත් ජනප්‍රියත්වයට පත් වෙමින් පවතින අතර ඉදිරියේදී මෙම කර්මාන්ත ශාලාව මගින් දේශීය කොටස් එකතු කරමින් මහින්ද්‍රා  ට්‍රක් රථද මෙරට දී එකලස් කිරීමට  කටයුතු යොදා ඇත.

ජාතික වකුගඩු අරමුදල මූලික කර ගනිමින් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ආරම්භ කර ඇති සම්පත ලග්න වාසනා ලොතරැයිය මාසිකව දිනුම් අදිනු ලබයි. රුපියල් කෝටියක සුපිරි ත්‍යාගයක්,  සුපිරි මෝටර් රථයක්, රුපියල් 2000000 තෑගි, රුපියල්500000 තෑගි,  රු.100000 තෑගි මෙම ලොතරැයිපත මගින් ජයග්‍රහකයන් වෙත පිරිනමනු ලබයි.