අති නවීන තාක්ෂණය සපිරි ස්මාර්ට්බෝඩ් සිංගර් හඳුන්වාදෙයි

අතිනවීන තාක්ෂණයෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් සවිබලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් ඩිජිටල් අධ්‍යාපනය සඳහා ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. මාර්ගගත අධ්‍යාපනික කටයුතු සහ ව්‍යාපාරික රැස්වීම්/සම්මන්ත්‍රණ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි මුලික අරමුණයි.

සිංගර්, දැනට ලොව නවීනතම LED තිර නිෂ්පාදනය කරන Skyworth සමාගමේ ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළක් හඳුන්වාදී ඇත. පරිගණකය, රූපවාහිනිය, ප්‍රොජෙක්ටරය සහ වයිට්බෝඩ් සතු සියලු විශේෂාංග වලින් සමන්විත වන ලෙස මෙම ස්මාර්ට්බෝඩ් නිර්මාණය කරඇත.

කාර්යන් කිහිපයක් එකවර කරගත හැකි මෙම ස්මාර්ට්බෝඩ් වර්තමාන ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා පවතින හොඳම විකල්පයයි. නවීන අවශ්‍යතා සපුරාලීම සඳහා ඕනෑම ඉගෙනුම් පරිසරයකට සරිලන ලෙස නිර්මාණය කර ඇති ස්මාර්ට්බෝඩ් මඟින් දෙපාර්ශවය කිසිඳු බාධාවකින් තොරව ඉතාමත් පහසුවෙන් සම්බන්ධ කරවන අතර ඉගෙනුම් අත්දැකීම් වඩාත් අර්ථවත්ව හා ඵලදායී ලෙස සිදු කරයි. පරිගණකයක් සහ ප්‍රොජෙක්ටරයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව සහ අවශ්‍ය ස්ථානයට රැගෙන යාමේ පහසුව නිසා ස්මාර්ට්බෝඩ් වර්තමානයේ ඉහළ ඉල්ලුමක් පවතින ඉගැන්වීමේ උපාංගයක් බවට පත්ව ඇත.

මෙය අඟල් 55, 65 සහ 75 ලෙස ප්‍රමාණයන් තුනකින් සහ ඇන්ඩ්‍රොයිඩ් හෝ වින්ඩෝස් 10 යන මෙහෙයුම් පද්ධති වලින් ලබාගත හැක. මෙම ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළ මඟින් වයිට්බෝඩ් හි සටහන් ලිවීම, අනෙක් පාර්ශවයට නැරඹිය හැකිලෙස වීඩියෝ සහ තිරය පෙන්විය හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමිකරදෙයි. ගුරුවරුන්ට ඉගැන්වීමට අවශ්‍ය දෑ මෙහි ගබඩා කර තබාගත හැකි බැවින් ඉදිරි ඉගැන්වීම් කටයුතු වලදී ඒවා පහසුවෙන් භාවිතා කළ හැකිය.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳ සිය අදහස් දක්වමින්, සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙලෙස පවසයි. “ලෝකයේ නවීනතම තාක්ෂණය සහිත ස්මාර්ට්බෝඩ් ශ්‍රී ලංකාවට ගෙන ඒමට ලැබීම පිළිබඳ අපි සතුටු වෙනවා. කොවිඩ් -19 වසංගතයත් සමඟ ස්මාර්ට් පන්ති කාමර සංකල්පය කෙරෙහි අවධානය යොමු වී ඇති මෙවැනි අවස්ථාවක, මෙම ස්මාර්ට්බෝඩ් ඩිජිටල් අධ්‍යාපන පරිවර්තනයේ ඉදිරි පියවර වනු නිසැකයි. ඔන්ලයින් අධ්‍යාපන කටයුතු, වීඩියෝ සම්මන්ත්‍රණ සහ ව්‍යාපාරික රැස්වීම් යන අවශ්‍යතාවයන්ට සරිලන උසස් තත්ත්වයේ ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළක් දැන් සිංගර් වෙතින් ඔබට ලබාගන්න පුළුවන්. මෙම Panel මඟින් සිසුන්ගේ අවධානය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවීම නිසා වඩාත් ඵලදායී ඉගෙනුම් පරිසරයක් පවතින වසංගත තත්වය තුළද නිර්මාණය කරනු ඇත.”

අධ්‍යාපනික කටයුතු සඳහා පමණක් නොව ව්‍යාපාරික ස්ථානවල රැස්වීම් කාමර සඳහාම විශේෂයෙන් සකසා ඇති මෙම ස්මාර්ට්බෝඩ් තාක්ෂණය නිසා සේවා ස්ථානයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව වර්ධනය කරගත හැක. දැනුමෙන් සපිරුණු ශිෂ්‍ය පරම්පරාවක් ගොඩනැගීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව පාසල් ළමුන් අතර ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට සිංගර් ආයතනය අපේක්ෂා කරයි.

මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් පන්ති කාමර 10,000 ක් පමණ නිර්මාණය කිරීමේ අරමුණෙන් සෑම පාසලකටම ස්මාර්ට්බෝඩ් එකක් ලබාදීම දීමට නියමිතයි. මීට අමතරව, බොහෝ අධ්‍යාපන ආයතන සහ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති සඳහාද ස්මාර්ට්බෝඩ් සැපයීම සඳහා සිංගර් ඉදිරිපත් වී ඇත.

ස්මාර්ට්බෝඩ් මිලදී ගැනීමේදී පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන සඳහා බිත්ති රඳවනයක් (wall bracket) සහ ටච් පෑන් දෙකක් නොමිලයේ ලබාදෙන බව සිංගර් නිවේදනය කරයි. වසර ගණනාවක විශ්වාසනීය විශිෂ්ටත්වය හා අසමසම සේවා පිරිනැමීම් සඳහා කීර්තිමත් සිංගර්, මෙම නිෂ්පාදනය සඳහා වසර දෙකක වගකීමක් සමඟ නොමිලේ ස්ථාපනය කිරීම, දිවයින පුරා බෙදා හැරීමේ සේවා සහ අලෙවියෙන් පසු සේවාව සපයයි.

ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළ පිළිබඳ තොරතුරු සිංගර් වෙබ් අඩවිය www.singer.lk වෙත පිවිසීමෙන් සහ 011 5 400 400 හරහා සිංගර් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබාගත හැක.